Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයිස් පානය කිරීමට ඇබ්බැහි ව සිටින බව කියන කටුනායක සිදුව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු රුපියල් ලක්ෂ හතරකට වඩා වටිනා හෙරොයින් ග්‍රෑම් 16 මිලිග්‍රෑම් 250 ක් සමග දූනාගහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලිසිය කියයි.
මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන සැකකරු කටුනායක සීදුව නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ හිටපු උප නගරාධිපතිවරයකු බවය.
බඩල්ගම පොලිසියේ නිලධාරි පිරිසක් ගොඩිගමුව ප්‍රදේශයේ වාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිටිය දී පරීක්ෂාවට ලක්කළ තීරෝද රථයක සිටි පුද්ගලයකු අත තිබී කුඩු පැකට්ටුවක් හමු වී ඇත .
මෙසේ කුඩු පැකට්ටුවක් සතුව තිබූ සැකකරු මීගමුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමක යෙදෙන උක්කුවා නැමැති පුද්ගලයකු බවට පොලිසිය අනාවරණය කරගෙන ඇත. ඔහුට එරෙහිව අධිකරණ වරෙන්තු කිහිපයක් ඇති බවද හෙළි වී ඇත .
අනතුරුව සැකකරුගෙන් කෙරුණු ප්‍රශ්න කිරීම්වලදී ඔහුට හෙරොයින් පැකට්ටුව ලබා දුන් පුද්ගලයා ගොඩිගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමට හැකි වී ඇත.
එම සැකකරුගෙන් කෙරුණු ප්‍රශ්න කිරීම් වලදී හෙළි වූ තොරතුරු අනුව පොලිසියේ මැදිහත්වීම මත ඔහුට හෙරොයින් මත්කුඩු ලබාදෙන පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබා දී හෙරොයින් පාර්සලයක් ලබා ගැනීමට ඉල්ලුම් කර තිබේ.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ එහිදීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart