December 7, 2023

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල T20 ලෝක කුසලානයේ නව සන්නාම අනන්‍යතාව අද එළිදක්වනු ලැබීය.

T20 ක්‍රිකට් ක්‍රීඩාවේ යවන සෑම පන්දුවකම ඇති ආවේණික බව මෙම නවතම හැඩගැන්වීම මගින් ග්‍රහණය කර තිබේ.

T20 ක්‍රීඩාව වේගවත් සහ බලවත් අවස්ථා සඳහා ප්‍රසිද්ධ වන අතර, නව දෘශ්‍ය අනන්‍යතා ආකෘතිය එම ශක්තිය ග්‍රහණය කරයි.

සන්නාම අනන්‍යතාව සෑම ලෝක කුසලාන ලාංජනයක් සඳහාම සත්කාරක රට විසින් ප්‍රසිද්ධියක් උසුලන කරුණු සහ රටා ඇතුළත් වන අතර, ඒ අනුව 2024 ICC පිරිමි T20 ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරක රට වන බටහිර ඉන්දීය කොදෙව්හි තල් ගස් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ‘ඉරි’ යන දෙකටම ගෞරවය පුදකරන සුවිශේෂී රටාවක් ඇතුළුතව තිබේ.

පිත්ත, පන්දුව සහ ශක්තියේ නිර්මාණාත්මක සංකලනයක් වන ලාංඡනය T20 ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික අංග සංකේතවත් කරයි.

පන්දුව තුළ සටහන්ව ඇති ග්‍රැෆික් නිර්මාණ T20 තරඟවලදී අත්විඳින ලද අද්විතීය වේගය සහ විද්‍යුත් ශක්තිය පිළිබිඹු කර අතර සිග් සැග්( Zig-zag) රටාව ඉහළ යන උද්වේගය සහ හද ගැස්ම ඇති කරන අවස්ථාවන් වෙත යොමුකරයි.

“ICC පිරිමි සහ කාන්තා T20 ලෝක කුසලාන තරඟාවලිය ගෝලීය වශයෙන් ක්‍රිකට් ලෝලීන්ට අතිශය උද්වේගකර අත්දැකීමක් ලබාදීමට පොරොන්දු වන අතර, නව දෘශ්‍ය අනන්‍යතාව එම දැක්ම සහ ශක්තිය පිළිබිඹු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු,” අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අලෙවිකරණය සහ සන්නිවේදන සාමාන්‍යාධිකාරී ක්ලෙයාර් ෆර්ලෝන්ග් පවසයි.

2024 ICC පිරිමි T20 ලෝක කුසලානය 2024 ජුනි 04 සිට 30 දක්වා බටහිර ඉන්දීය කොදෙව්හිදී සහ ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වේ.