Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවට පනවා ඇති අන්තර්ජාතික ක්‍රිකට් තහනම ඉවත් කරනවාද නැත්නම් තවදුරටත් පවත්වාගෙන යනවාද යන්න පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) අනිද්දා (21) තීරණය කිරීමට නියමිතය.
ICC නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් අනිද්දා පැවැත්වෙන අදාළ හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර අදාළ තීරණය ගැනීමට නියමිත අතර, තහනම ඉවත් කරන්නේ නම් කුමන කොන්දේසි මත එය සිදුකරනවාද යන්න එහිදී සාකච්ඡා කෙරෙනු ඇත.
අදාළ සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නියෝජනය කරමින් නිරීක්ෂණ මට්ටමේ නියෝජිතයකු ලෙස සහභාගී වීමට එහි සභාපති ශම්මි සිල්වාට හැකියාව ඇතත් ක්‍රියාකාරී මට්ටමෙන් ඊට සහභාගී වීමේ හැකියාව අදාළ තහනම හේතුවෙන් ඔහුට අහිමි වී තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පසුගිය 10 වැනිදා කටයුතු කරන ලදී.
ශ්‍රී ලංකා ක්‍රිකට් ICC සාමාජිකයකු ලෙස එහි වගකීම බරපතළ ලෙස උල්ලංඝනය කරමින් සිටින බවට තීරණය කරමින් ඔවුහු එම තීරණය ගත්හ.
එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ පාලනය, නියාමනය සහ පරිපාලනයට බාහිර බලපෑම් නොමැති බවට සහතික වීම ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමේ තීරණය වෙනස් වීමට බලපාන කාරණා වේ.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සාමාජිකයන් 108කින් යුතු වන අතර, පූර්ණ කාලීන (ටෙස්ට් වරම් ලැබූ) සාමාජික රටවල් ගණන ඉන් 12කි.
එහෙත් පසුගිය 10 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමෙන් අනතුරුව එම පූර්ණ කාලීන සාමාජික සංඛ්‍යාව 11 දක්වා පහළ බැස ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart