November 22, 2023

පිරිමියකු වශයෙන් උපන් සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට අන්තර්ජාතික කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කිරීම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) තහනම් කර තිබේ.

ඊයේ උදෑසන නිකුත් කළ නිවේදනයක දැක්වෙන ආකාරයට, ICC පාලක මණ්ඩලය නිගමනය කර ඇත්තේ, ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා මාස නවයක උපදේශන ක්‍රියාවලියකින් පසුව ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවයි.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

“නව ප්‍රතිපත්තිය පදනම් වී ඇත්තේ පහත සඳහන් මූලධර්ම වෙනුවෙනි. එනම් කාන්තා ක්‍රීඩාවේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම, සුරක්ෂිතභාවය, සාධාරණත්වය. මෙයින් අදහස් කරන්නේ ඕනෑම ආකාරයකට සහභාගී වූ පිරිමියකුව සිට කාන්තාවක් බවට පත්වූ පුද්ගලයන්ය. පිරිමින් ඔවුන් විසින් සිදුකර ඇති ඕනෑම ශල්‍යකර්මයක් හෝ ස්ත්‍රී පුරුෂභාවය වෙනස් කිරීමේ ප්‍රතිකාරයක් නොසලකා අන්තර්ජාතික කාන්තා ක්‍රීඩාවට සහභාගී වීමට සුදුසුකම් නොලබයි. වෛද්‍ය පීටර් හාර්කොට්ගේ සභාපතිත්වයෙන් යුත් ICC වෛද්‍ය උපදේශක කමිටුව විසින් මෙහෙයවන ලද සමාලෝචනය, අන්තර්ජාතික කාන්තා ක්‍රිකට් සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙනුවෙන් පමණක් අදාළ වන අතර, දේශීය මට්ටමින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය එක් එක් සාමාජික මණ්ඩලය සඳහා වන කාරණයක් වන අතර, එය දේශීය වශයෙන් බලපානු ඇත.(දේශීය තරග පිළිබඳව ඒ ඒ රටවලට තමන්ට අභිමත පරිදි මේ පිළිබඳව තීරණය කළ හැක). මෙම ‘රෙගුලාසි වසර දෙකක් ඇතුළත සමාලෝචනය කෙරේ.”

කැනඩාවේ ඩැනියෙල් මැක්ගේ මෙම වසර මුලදී අන්තර්ජාතික කාන්තා සංචිතයකට නම් කළ පළමු සංක්‍රාන්ති ලිංගික ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්විය.

2020 දී කැනඩාවට සංක්‍රමණය වීමට පෙර ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ ඩැනියෙල් , 2020 නොවැම්බර් මාසයේදී කාන්තාවක් ලෙස සමාජීයව සංක්‍රමණය වී, 2021 මැයි මාසයේදී වෛද්‍යමය වශයෙන් සංක්‍රමණය වීමට පටන් ගත්තාය.

29 හැවිරිදි ඇය සැප්තැම්බර් මාසයේදී බ්‍රසීලයට එරෙහිව විස්සයි 20 අන්තර්ජාතික තරගයකට එක්වූවාය.

කෙසේවෙතත්, ICC හි නව රෙගුලාසි යටතේ ඇයට තවදුරටත් අන්තර්ජාතික කාන්තා ක්‍රිකට් තරඟ සඳහා තරඟ කිරීමට නොහැකි වනු ඇත.