July 25, 2023

ICC චර්යාධර්ම සංග්‍රහය උල්ලංඝණය කිරීම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් නායිකා හර්මන්ප්‍රීත් කෞර්ට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) මීළඟ අන්තර්ජාතික තරග දෙක තහනම් කරමින් දඬුවම් නියම කර ඇත.

පසුගිය සෙනසුරාදා බංග්ලාදේශයට එරෙහිව ඩකා හි පැවති ICC කාන්තා ශූරතා තරඟාවලියේ තුන්වන තරඟයේදී ඇයගේ හැසිරීම හේතුවෙන් ICCය මෙම පියවර ගෙන තිබේ.

කෞර්ට ඇයගේ තරඟ ගාස්තුවෙන් සියයට 50 ක දඩයක්ද නියම කෙරී ඇත.

ICCය විසින් ඇයගේ විනය වාර්තාවට වැරදි ලකුණු තුනක් එකතු කර ඇති අතර, ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.8 වගන්තිය සහ 2.8 වගන්තිය උල්ලංඝණය කිරීමේ වරදට ඇය වැරදිකාරියක් ලෙස සටහන් කර තිබේ.

ඉන්දීය ඉනිමේ 34 වැනි ඕවරයේදී දඟපන්දු යවන ක්‍රීඩිකාවක් වන නහිඩා අක්ටර්ගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීමෙන් අනතුරුව කෞර් සිය පිත්තෙන් කඩුල්ලට පහරදීම මෙහිදී ඇයට එල්ලවූ එක් චෝදනාවක් වේ.

අනෙක් සිදුවීම වූයේ ත්‍යාග ප්‍රදානය කිරීමේ උත්සවයේදී කෞර් තරගයේ විනිසුරුව විවේචනය කිරීමයි.