May 3, 2024

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) 2024 එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන පිරිමි T20 ලෝක කුසලානයේ පළමු වටය සඳහා තරඟ නිලධාරීන් 26 දෙනකු ප්‍රකාශයට පත්කර තිබේ.

තරග විනිසුරුවන් 20 දෙනකු සහ තරඟ තීරකවරුන් හයදෙනකු විසින් මෙවර තරගාවලිය මෙහෙයවනු ලබන අතර, තරගාවලියේ කණ්ඩායම් 20ක් තරඟ 55ක් දින 28 ක් පුරා ක්‍රීඩා කරනු ඇත.

පළපුරුදු විනිසුරු කණ්ඩායමට වාර්ෂික ICC සම්මාන උලෙළේදී වසරේ ICC විනිසුරුවරයා සඳහා වන David Shepherd කුසලානය 2023 දී දිනාගත් ජයග්‍රාහකයා වන Richard Illingworth මෙන්ම, 2022 අවසන් මහා තරගය සඳහා පත්කරනු ලැබූ කුමාර් ධර්මසේන, Chris Gaffaney සහ Paul Reiffel ඇතුළත් වේ.

ජයරාමන් මදනගෝපාල්, සෑම් නොගජ්ස්කි, අල්ලාඋඩියන් පැලේකර්, රෂීඩ් රියාස් සහ අසීෆ් යාකූබ් යන විනිසුරෝ මෙවර ඔවුන්ගේ මංගල T20 ලෝක කුසලානයට එක්වීමට සුදානමින් සිටිති.

මේ අතර 2022 අවසන් මහා තරගය අධීක්‍ෂණය කළ රන්ජන් මඩුගල්ල මෙවර නැවතත් ලෝක කුසලාන තීරකවරුන්ගේ සංචිතයට පැමිණ සිටියි.

ICC පිරිමි T20 ලෝක කුසලානයේ තරඟ නිළධාරීන්:

විනිසුරුවෝ :

ක්‍රිස් බ්‍රවුන්, කුමාර් ධර්මසේන, ක්‍රිස් ගෆනි, මයිකල් ගෝෆ්, ඒඩ්‍රියන් හෝල්ඩ්ස්ටොක්, රිචඩ් ඉලින්වර්ත්, අල්ලාඋඩියන් පලෙකර්, රිචඩ් කෙට්ල්බරෝ, ජයරාමන් මදනගෝපාල්, නිතින් මෙනන්, සෑම් නොගජ්ස්කි, අහ්සන් රාසා, රෂීඩ් රියාස්, පෝල් රුසිකා, ලැංග්ටන් රයිෆල්, ලැංග්ටන් රීෆල් රොඩ්නි ටකර්, ඇලෙක්ස් වෝෆ්, ජොයෙල් විල්සන් සහ අසීෆ් යාකෝබ්

තරග තීරකවරු :

ඩේවිඩ් බූන්, ජෙෆ් ක්‍රෝව්, රන්ජන් මඩුගල්ල, ඇන්ඩෲ පයික්‍රොෆ්ට්, රිචී රිචඩ්සන් සහ ජවගල් ශ්‍රීනාත්