March 26, 2024

වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මතු වූ ගැටලුව හේතුවෙන් තමන් අධිපති ධුරයෙන් ඉවත් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද ප්‍රකාශ කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මහ බැංකුවේ වැටුප් වැඩිකිරීමේ ප්‍රමාණය මෙම අර්බුදකාරී තත්ත්වයට හේතු වූ බවයි.

තමන් යටතේ සේවය කරන සේවකයන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් යළි සළකා බලන බවද ඔහු පැවසීය.

වගකීම් නිසිලෙස ඉටු කිරීමට අපොහොසත් වුවහොත් පමණක් තනතුරෙන් ඉවත් වන බවත් ආයතන ප්‍රධානියා ලෙස සේවකයන්ගේ වැටුප් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ වගකීම තමා සතු බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

“මහ බැංකුවේ අධිපති ලෙස මට මගේ කාර්ය මණ්ඩලය ගැන වගකීමක් තිබෙනවා.මෙම වැටුප් වැඩිවීම පවතින නීතිමය රාමුව යටතේ සෑම විටම සිදු කරන ආකාරයට සිදු කර තිබෙනවා. මහ බැංකුව විතරක් නෙවෙයි අනෙකුත් රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන පවා හිතන්නේ තමන් යටතේ සිටින සේවකයන් ගැනයි. අර්බුදවලින් හැමෝම පීඩාවට පත්වෙලා.ඒ නිසා ගැටුමක් ඇතිවෙන්න බැහැ. මුදල් මණ්ඩලය සහ වෘත්තීය සමිති එක්ක කතා කරලා තමයි මේ තීරණය ගත්තේ.” යනුවෙන් ඔහු පැවසීය.

“මෙය සේවකයන් වෙනුවෙන් දෙපාර්ශ්වයම සාමූහිකව ගත් තීරණයක්. මා යටතේ සේවය කරන සේවකයන්ගේ වැටුප් වැඩිවීම සහ නැවත සළකා බැලීමට සිදුවීම නිසා මම ඉවත්ව යන්නේ නැහැ. මම මේ රැකියාවෙන් ඉවත් වෙනවා මට මේ තනතුරත් එක්ක රටත් දෙයක් කරන්න නොහැකිනම්. මේක යන්න හේතුවක් විදියට මම දකින්නේ නැහැ.” යැයි ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.

“මම හිතන්නේ පඩි වැඩිකරන්න ආර්ථිකය ස්ථාවර වෙනකන් ඉන්න ඕන නෑ.වැටුප් වැඩිකරන එක නෙවෙයි මෙතන ප්‍රශ්නේ. වැටුප වැඩි කරපු ප්‍රමාණය තමයි ප්‍රශ්නය. කමිටුව බලලා පඩි වැඩිද කියලා කියයි. සාධාරණද නැද්ද අපි බලමු,” යනුවෙන් ඔහු පැවසීය.

42.31%
17.27%
32.76%