January 9, 2024

විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් ලැබී නොමැති බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසන කරුණු සත්‍ය බවත්, එම යෝජනාව ඉදිරි දින කිහිපය තුළ මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන බවත් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර අද ප්‍රකාශ කළේය.

විදුලි ගාස්තු අඩුකිරීමේ යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය සඳහා අද ඉදිරිපත් කරන බවත්, එයට අනුමැතිය ලැබීමෙන් පසු මහජන උපයෝගිතා කොමිසමට කඩිනමින් ඉදිරිපත් කරන බවත් ඔහු පාර්ලිමේන්තුවට පැවැසීය.

යෝජනාව ඉදිරිපත් කිරීම ප්‍රමාදවීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කියාසිටියේ, 2023 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන ශේෂ පත්‍රය අනුව ගණනය කිරීම් ජනවාරි 01 වැනිදා ආරම්භ වූ බවයි.

මෙම යෝජනාව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු, නීතියට අනුව දින 21ක් ඇතුළත එම යෝජනා සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමට මහජන අදහස් ලබාගැනීමට සහ අවසන් මිල අඩු කිරීමේ යාන්ත්‍රණය අනුමත කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගන්නා බවද ඇමැතිවරයා පැවැසීය.

42.31%
17.27%
32.76%