January 17, 2024

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට එරෙහි නඩුවට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශයේ සඳහන් වන්නේ, පෞද්ගලික හෝ දේශපාලන හිතවත්කම් මත තමා සමාව ලබාදුන් බවට කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි.

එම දිවුරුම් ප්‍රකාශයට අනුව දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් තමාට බන්ධනාගාරයෙන් නිදහස් විය යුතු බවට වෛද්‍ය වාර්තා තමා වෙත ඉදිරිපත් කර තිබූ බවද ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි.

“ඔහුට සමාව දෙන ලෙස ඉල්ලා වෙනත් විවිධ හේතු මත මා වෙත කරන ලද තවත් කරුණු කිහිපයක් ද මට මතකයි. ඔහුට සමාව අවශ්‍ය කරුණු කිහිපයක් තිබූ බවද මට මතකයි,” යැයි හිටපු ජනාධිපතිවරයා පවසා ඇත.

තමන් ක්‍රියාකළේ රට වෙනුවෙන් බව ද හිටපු ජනාධිපතිවරයා සිය දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබාදී තිබූ විශේෂ ජනාධිපති සමාව අවලංගු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ලබාදුන් තීන්දුවේ කොටසක් ලෙස මෙම දිවුරුම් ප්‍රකාශය පවතී.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය අත්තනෝමතික බවත් නීතියෙන් වලංගු නොවන බවත් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශ කළේය.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන පිළිපදිමින්, දුමින්ද සිල්වා මහතාට ලබාදී තිබූ ජනාධිපති සමාව ඉවත් කිරීමට ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.

මේ අතර දුමින්ද සිල්වා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළේය.

42.31%
17.27%
32.76%