March 19, 2024

පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය 10% කින් පමණ පහත වැටී තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ, සාමාන්‍යයෙන් ජල විදුලි උත්පාදනය 30%ක මට්ටමක පවත්වා ගෙන යන බවයි.

නමුත් දැන් එය 20%ක් පමණ දක්වා අඩු වී තිබෙන බවත් පරිභෝජනයට සහ වගාවට අවශ්‍ය ජලය කළමනාකරණය කර ගැනීම ඊට හේතුව බවත් ඔහු සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පැවසුවේ දෛනික විදුලි පරිභෝජනය ද ගිගාවොට් පැය 50 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එය සාමාන්‍යයෙන් දිනකට ගිගාවොට් පැය 43ක් බව වාර්තා වේ.

42.31%
17.27%
32.76%