
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
HWPL ස්මාර්ට් පුරවැසි සාම ව්‍යාපාරයේ සාම පා ගමන පසුගිය සෙනසුරාදා (22) පැවති මේ සදහා ප්‍රජා සාමාජිකයින්, සාම උපදේශකයන්, විවිධ සංවිධාන වල නියෝජිතයන්, දරුවන් සහ සිවිල් ක්‍රියාකාරී පුරවැසියන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ගම්පහ සාකේත උත්සව ශාලාවෙන් ආරම්භ කරන ලදී.
ගෝලීය වශයෙන් පිළිගත් රාජ්‍ය නොවන සංවිධානයක් වන ස්වර්ගීය සංස්කෘතිය, ලෝක සාමය, ආලෝකය ප්‍රතිස්ථාපනය කරන HWPL විසින් මෙහි සත්කාරකත්වය දැරූ අතර මෙම උත්සවය බිම් මට්ටමේ සාමය පෝෂණය කිරීම සඳහා අරමුණු කර ගනිමින් පවත්වා ඇත. ජාතික, සංස්කෘතික සහ ආගමික බෙදීම් හරහා එකමුතුකමේ වැදගත්කම ශක්තිමත් කරමින් ගම්පහ උද්භිත උද්‍යානයට සංකේතාත්මක පා ගමනක් පැවැත්වීමට මෙහිදී කටයුතු සූදානම් කර තිබූ අතර සාම පා ගමන ආරම්භ කිරීමට පෙර උත්සවයක්ද මෙහි සංවිධානය කර තිබුණි. එහිදී මෙම සාම ව්‍යාපාරයට සම්බන්ධ ශ්‍රී ලාංකීය සහ දකුණු කොරියානු නියෝජිතයන් කිහිපදෙනෙකුගේම අදහස් දැක්වීමෙන් පසු සාම පා ගමන ආරම්භ විය.
රටවල් එකසිය හැටක ක්‍රියාත්මක වන සහ එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලය වන (ECOSOC) සමග විශේෂ උපදේශන තත්වය දරන HWPL ,දිගු කලක් තිරසාර සාමය ප්‍රවර්ධනය සඳහා දායක වී ඇත. ජාත්‍යන්තර කාන්තා සාම කණ්ඩායම (IWPG) සහ ජාත්‍යන්තර සාම තරුණ කණ්ඩායම (IPYG) යන හවුල්කාර සංවිධාන සමග සහයෝගයෙන් HWPL අධ්‍යාපන සංසද සහ ප්‍රජාව විසින් මෙහෙයවනු ලබන වැඩසටහන් හරහා ගෝලීය සාම මුල පිරීම් ඉදිරියට ගෙන යාම සිදුකරනු ලබයි.
මෙහිදී මෙම පවත්වනු ලැබූ පාගමන සමාජ සහජීවනය ප්‍රවර්ධනය කිරීමට සහ අඛණ්ඩ සාම ප්‍රයත්නයක් සඳහා අවශ්‍යතාවය අවධාරණය කිරීමට වේදිකාවක් ලෙස සේවය කළේය. එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සමග සමපාත වන පරිදි එදිරි වාදකම් නැවැත්වීම සහ සාම සංස්කෘතියක් ගොඩනැගීම සඳහා HWPL හී මෙහෙවර ඉදිරියට ගෙන යාමට මෙයට සහභාගී වූවන් තම කැපවීම ප්‍රකාශ කළහ.
උත්සවය අවසන් වීමෙන් අනතුරුවද දිගුකාලීන සාමය සහ සහයෝගීතාවයට පෙළඹවීම සඳහා එවැනි මුල පිරීම් පුළුල් කිරීම් සඳහා ඔවුන්ගේ කැපවීම සංවිධායකයින් නැවත තහවුරු කළහ. ගම්පහ මූලික කරගෙන ආරම්භ කරන ලද මෙම වැදගත් සාම ව්‍යාපාරයේ සාර්ථකත්වය ශ්‍රී ලංකාව පුරා සහ ඉන් ඔබ්බට මීට සමාන ක්‍රියාකාරකම් සඳහා මගපාදනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart