
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීත්‍යනුකූල රැකියා කොන්ත්‍රාත්තු නොමැතිව සේවකයන් විදේශගත කිරීම මගින් නූතන මිනිස් ජාවාරම සක්‍රීය කිරීමට ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය දක්වා ඇති බවට විශ්වාස කෙරෙන දායකත්වය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) බරපතළ කනස්සල්ලක් මතු කර තිබේ.
එම කාර්යාංශයේ හිටපු සභාපති, වැඩබලන සභාපති සමින්ද ජයසේකර සහ රැකියා අනුමැතිය භාර හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.පී. වීරසේකර (වර්තමාන දේශීය කටයුතු පිළිබඳ වැඩබලන අතිරේක සාමාන්‍යාධිකාරී ) ඇතුළු කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මණ්ඩල අනුමැතියකින් තොරව මෙම මතභේදාත්මක චක්‍රලේඛ නිකුත් කර ඇති බව කෝප් කමිටුව තවදුරටත් අනාවරණ කළේය.
මෙම චක්‍රලේඛ මගින් කිසිදු විධිමත් රැකියා කොන්ත්‍රාත්තුවක් නොමැතිව ‘සංචාරක වීසා’ යටතේ ගෘහ සේවිකාවන් විදේශගත කිරීමට හැකි වන පරිදි පනත මඟ හැර ඇති බව අනාවරණ විය.
විධිමත් රැකියා ගිවිසුම්වල නීතිමය ආරක්ෂාවක් නොමැතිව ‘සංචාරක වීසා’ යටතේ පුද්ගලයන් විදේශගත කිරීම නිසා රජය සතු මෙම ව්‍යවසාය මිනිස් ජාවාරමට පහසුකම් සපයා ඇති බව කමිටුවේ අදහස විය.
පුදුම සහගත කරුණක් වුයේ රැකියා සඳහා අනුමැතිය දෙන එම කාර්යාංශයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පවතින චක්‍රලේඛය දීර්ඝ කිරීම පමණක් කළ බව පවසමින්, එම පිළිවෙත ආරක්ෂා කිරීමයි.
“වීසා කාණ්ඩය ගැන ලොකු දෙයක් නැහැ. අපි රැකියාව ගැන පමණක් සැළකිලිමත් වෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.
වීරසේකර තවදුරටත් හෙළි කළේ කාර්යාංශය ද සංචාරක වීසා යටතේ දකුණු කොරියාවට සේවකයන් යවන බවයි.
එහිදී ඔවුන් දිගුකාලීන, නීත්‍යනුකූලව බැඳී ඇති රැකියා කොන්ත්‍රාත්තු ලබා ගැනීමට වඩා අදාළ විදේශ ආයතනය සහ සේවකයා අතර දින 45ක ගිවිසුමක් මත විශ්වාසය තැබූ බවත් ප්‍රකාශ කළේය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සොයාගැනීම්වලින් පෙනී යන්නේ කාර්යාංශය මෙම සැක සහිත ක්‍රමය හරහා සේවකයන් 6,290ක් විදේශගත කර ඇති බවයි.
කෙසේවෙතත්, මෙම පුද්ගලයන්ගෙන් 4,300ක් පමණක් ගමනාන්ත රටවල දත්ත සමුදායන්හි ලියාපදිංචි කර ඇති අතර, 1,990ක් ගණන් ගෙන නැත.
ඊටත් වඩා කණස්සල්ලට කරුණක් වන්නේ විදේශගත කිරීමෙන් පසු පුද්ගලයන් 742 දෙනෙකු අතුරුදහන් වී ඇති බව කමිටුව හෙළිකිරීමයි.
රැකියා සුරක්ෂිතභාවය සහ සේවා කොන්දේසි පිළිබඳ ප්‍රශ්න මතු කරමින් පුද්ගලයන් 365 දෙනෙකු දින 45ක් ඇතුළත ආපසු පැමිණ තිබේ.
නීතිමය රැකියා ආරක්ෂණ නොමැතිව අතරමං වී ඇතැයි සැළකෙන පුද්ගලයන් 880 දෙනෙකු දින 45ක කාලයෙන් ඔබ්බට විදේශගතව සිටි බව ද අනාවරණ විය.
මෙම ක්‍රියාවලිය හරහා විදේශගත කරන ලද කාන්තාවන්ගෙන් බොහෝ දෙනෙකු නිසි අධීක්ෂණයක් නොමැතිකම හේතුවෙන් සූරාකෑමේ තත්ත්වයන්ට මුහුණ දී “විකිණීමට” ලක්ව ඇති බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු චෝදනා කළහ.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව යෝජනා කළේ කාර්යාංශය තම නියාමන කාර්යභාරය ඉටු කරනවාට වඩා විදේශ රැකියා ආයතනවල අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කර ඇති බවයි.
ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය විසින් ඉදිරිපත් කරන ලද දත්ත වෙත අවධානය යොමු කරමින් මන්ත්‍රීවරුන් සඳහන් කළේ කාර්යාංශය විසින් අනුමත කර යවන ලද සමහර සේවකයන් බාල වයස්කරුවන් බවයි.
කාර්යාංශයට පැමිණිලි 1,925ක් ලැබී ඇති අතර ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව එම මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
එවක විෂය භාර අමාත්‍යවරයා ගැන විමසූ විට, කාර්යාංශ නිලධාරීන් පැවසුවේ එම විෂය මනූෂ නානායක්කාරට පැවරී තිබූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart