Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මියන්මාරයේ පිහිටි තම දේපළ විකුණා ශ්‍රී ලංකාවට පැමිණීමේ නිශ්චිත අරමුණින් පිටත් වූ බවට මෙරටට පැමිණි රෝහින්ග්‍යා සංක්‍රමණිකයන් කරන ප්‍රකාශ මත මිනිස් ජාවාරම් සහ ඊට තිබිය හැකි දේශීය මැදිහත්වීම් සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
2024 දෙසැම්බර් 19 වැනි දින උදෑසන, රෝහින්ග්‍යා සරණාගතයින් 100කට අධික පිරිසක් රැගත් බහුදින යාත්‍රාවක් මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළ තීරය දෙසට පැමිණ තිබිණි.
ඔවුන් දැනට රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින අතර රජය විසින් ඔවුන්ට ආහාර සහ අනෙකුත් පහසුකම් සපයා තිබේ.
විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන් හේමචන්ද්‍ර පවසන්නේ මෙම සරණාගතයන් සම්බන්ධයෙන් රජය තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
“අපි මුලදී ඔවුන්ට මානුෂීය පදනමක් මත උදව් කරනවා. ඔවුන් තවමත් නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙස සළකනවා. අපි ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කර ඔවුන්ට මූලික පහසුකම් ලබා දිය යුතුයි. ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් (UNHCR) වැනි පාර්ශව සමඟ සාකච්ඡා අඛණ්ඩව සිදුවෙනවා,” යනුවෙන් ඔහු පවසා තිබේ.
පසුගියදා මෙරටට පැමිණි සරණාගතයන් පවසා ඇත්තේ ඔවුන් මියන්මාරයේ පිහිටි තම දේපළ විකුණා ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණින් පිටව ආ බවයි.
මෙය ගැටලු සහගත බව ඔහු සඳහන් කළේය.
“යන්නේ කොහෙද කියන එක ගැන අදහසක් නැතුව බෝට්ටුවකට නැඟීම සහ විශේෂිත ගමනාන්තයකට ළඟාවීමේ චේතනාවෙන් බෝට්ටුවකට ගොඩවීම කියන්නේ දෙකක්. ඒ නිසා මෙය මිනිස් ජාවාරමට සම්බන්ධ දෙයක් දැයි සැකයක් මතු වෙනවා. ඒ අනුව මෙය මිනිස් ජාවාරමට සම්බන්ධද යන්නත්, එවැනි ක්‍රියාකාරකම්වලට ප්‍රාදේශීය නියෝජිතයන් නායකත්වය දෙන්නේද යන්න පිළිබඳවත් ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ පරීක්ෂණ පවත්වනවා.” යනුවෙන් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කර තිබේ.
රාජ්‍ය තාන්ත්‍රික බැඳීම්, අන්තර්ජාතික නීති සහ ජාතික ආරක්ෂාව වැනි අංශ කිහිපයක් ගැන රජය සළකා බැලිය යුතු බැවින් අදාළ සරණාගතයන් පිරිස රඳවා ගන්නේද නැතහොත් ඔවුන් පිටුවහල් කරන්නේද යන්න පිළිබඳ රජය තවමත් තීරණය කර නොමැති බව ඔහු සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart