Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රශ්න සහගත ඉමියුනොග්ලොබියුන් රුධිර බැංකුවෙන් ලබාගත් රුධිර ප්ලාස්මාව යොදා නිෂ්පාදනය නොකළේ නම්, එම ප්ලාස්මාව මෙරට පුද්ගලයන්ගේ ජාන ඊශ්‍රායලය හෝ ඉන්දියාව වැනි රටවල්වලට යැවීමට හෝ මෙරට මිනිසුන් විද්‍යාගාර මීයන් හෝ හාවන් මෙන් පර්යේෂණ සඳහා යොදාගැනීමට භාවිත වූවාදැයි පරීක්ෂණයක් පැවැත්විය යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියි.
සාමාන්‍යයෙන් මිනිස් සිරුර ආශ්‍රිතව හෝ මිනිස් සිරුරෙන් ලබාගන්නා පටක ආශ්‍රිතව යම් වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකරන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පර්යේෂණ අංශයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජාතික පර්යේෂණ සභාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමැතිය අදාළ ව්‍යාපෘති වාර්තාව සඳහා ලබාගැනීම අනිවාර්යෙන්ම සිදුවිය යුතු වුවත් මෙකී සැපයුම්කරු වෛද්‍ය විද්‍යාත්මකව පර්යේෂණයක් සඳහා යැයි කියමින් රුධිර ප්ලාස්මාව රුධිර බැංකුවෙන් ලබාගැනීම සඳහා වන ව්‍යාපෘති වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා තම අභිමතය පරිදි අත්සන් කිරීම සහ සාපරාධී ක්‍රියාවක් බවද වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේය.
මිනිස් සිරුර ආශ්‍රිතව රුධිර පටක ආශ්රිත රුධිර පර්යේෂණයක් සිදුකරන විට ඒ සඳහා අනුගමනය කළ යුතු ක්රමෝපායන් අනුගමනය නොකොට තම අභිමතය පරිදි ක්‍රියාත්මක වීමට කිසිදු පුද්ගලයකුට නෛතික හැකියාවක් නොමැති බවත්, මේ අන්දමට දෙවන ලෝක යුධ සමයේ දී කටයුතු කළ ජර්මානු වෛද්‍යවරුන්ට නියුරම්බර්ග් නඩු තීන්දුවෙන් අනතුරුව මරණීය දණ්ඩනය ලබාදුන් බවද ඔහු සිහිපත් කළේය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා මගින් රැධිර බැංකු අධ්යක්ෂවරයා වෙත මාර්තු මස 27 වන දින අදාළ පර්යේෂණ වාර්තාවට යටත්ව ලීටර 2000 දෙන ලෙස උපදෙස් ලබාදී ඇති නමුත් රුධිර ප්ලාස්මාව ලබාදෙන ලෙස ලේකම්වරයා කළ නියෝගය එකවර පිළිගැනීම වෙනුවට ඔහු විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් හරහා කරන ලද අධ්‍යයනයෙන් පසුව අදාළ ව්‍යාපෘති වාර්තාව සඳහා නිර්දේශය ලබාදෙමින් පර්යේෂණ සඳහා පමණක් රැධිර ලීටර් 150 ක් ලබාදිය හැකි බව දැනුම් දී ඇත. පසුගිය මැයි මස තුන්වැනි දිනයි.
සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ සඳහා ලබාදෙන ව්‍යාපෘති වාර්තාවන් විශ්වවිද්‍යාල අධීක්ෂණ මණ්ඩලයක අනුමැතියට යටත්විය යුතු වුවත් සෞඛ්‍ය ලේකම්වරයා එවැන්නක් සිදුකොට නොමැති බවද වෛද්‍ය චමල් සංජීව පෙන්වාදෙයි.
තවද මෙම සැපයුම්කරු මෙම ව්‍යාපෘති වාර්තාව අනුව රුධිර ප්ලාස්මාව තුළ අඩංගු මෙතෙක් ලොව සොයානොගත් විවිධ රුධිර ප්‍රෝටීන වර්ග undiscovered plasma protein හඳුනාගැනීම සඳහා මෙම පර්යේෂණය සිදුකරන බව දැනුම් දී ඇතත් එවන් ඉතා සංකීර්ණ පරීක්ෂණ ලංකාවේ වෛද්‍ය විද්‍යාත්මක විශ්වවිද්‍යාල හෝ පර්යේෂණාගාර තුළ පවා සිදුකිරීමට නොහැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.
එසේම, මේ ලබාදී ඇති ප්ලාස්මා ප්‍රමාණය immunoglobulin බෝතල් විසි දහස් පන්සියයක් සෑදීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බැවින් මෙම ලබාගත් රුධිර ප්ලාස්මාව මෙම සැපයුම්කරු සමග සම්බන්දතාවයක් පවත්වන ඊශ්‍රායල් ඉන්දියානු ඖෂධ නියෝජිතයන්ට ලබාදීම හරහා මෙරට ජනතාවගේ ජාන මංකොල්ලය සිදුවී ඇත්දැයි වහාම පරීක්ෂණ කළ යුතු බවද වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේය.
මෙම ඉමියුනොගොලොබියුන් වංචාව සඳහා ප්‍රකට දේශපාලකයන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීන්, ව්‍යාපාරිකයන් සහ ඔවුන් සමඟ හිතවත්කම් පැවැත්වූ සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍යවරුන් කිහිපදෙනෙකු සම්බන්ධ බවට වන කතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වහාම අවධානය යොමුකොට අපක්ෂපාතී හා ඉක්මන් පරීක්ෂණයක් පැවැත්වීමට නීති අංශ දැනුවත් කිරීම ඉතා වැදගත් බවද වෛද්‍ය චමල් සංජීව අවධාරණය කළේය.
පසුගිය වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී මෙම සමාගම ලියාපදිංචියෙන් තොරව ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළත් වී ඇති බවත් සෞඛ්‍ය ලේකම්වරයා ජනවාරි මාසයේදී මෙම සමාගම සඳහා ඉමියුනොගොලොබියුන් සැපයීමට අනුමැතිය ලබාදී ඇති බවත් හෙතෙම පෙන්වාදුන්නේය.
ඉන්පසුව සැප්තැම්බර් මාසයේදී මුදල්වලින් කොටසක් හෙවත් රුපියල් මිලියන හතළිහකට ආසන්න මුදලක් ගෙවීමට කටයුතු කර ඇති අතර ඔක්තෝම්බර් මාසය දී ඖෂධ තොගය වෛද්‍ය සැපයුම් ඒකකයට භාර දී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් කඩිනමින් මෙම ගනුදෙනුවට සම්බන්ධ වන්නේ විශ්‍රාම යාමට සිටින අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීම වැදගත් බව ද වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මුළු රටටම අවධානයෙන් පසුවන බැවින් අධිකරණ ඇමැතිවරයා හා පොලිසිය භාර ඇමැතිවරයා ද සෞඛ්‍ය ඇමැතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපරිම සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart