September 26, 2024

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිට වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ප්‍රකාශ ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෙට කැඳවා ඇති බව එහි කොමසාරිස් නිමල් පුංචිහේවා සඳහන් කරයි.

එහිදී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ට සිදුවන බලපෑම සහ ඔවුන්ගේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් සළකා බලන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය පිටකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අවසන් වනතුරු මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ලකුණු කිරීම ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තාවකාලිකව අත්හිටුවා ඇත.

42.31%
17.27%
32.76%