September 6, 2024

ඉදිරි මැතිවරණවලදී රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ට ඡන්ද අයිතිය ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අදාළ ආයතනවලට දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, මැතිවරණ නිරීක්ෂණ ආයතන සහ සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (5) පැවති රැස්වීමකදී මෙම උපදෙස් ලබාදුන් බව මානව හිමිකම් කොමසාරිස් නිමල් පුංචිහේවා පවසයි.

සිරකරුවන්ගේ අයිතීන් සුරැකීමේ කමිටුව විසින් මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සාකච්ඡාව පැවති බව ඔහු සඳහන් කර තිබේ.

නීත්‍යනුකූලව ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ඇති සිරකරුවන් සහ සැකකරුවන්ට ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සහතික කිරීමේ ප්‍රායෝගික අභියෝග පිළිබඳ සාකච්ඡාවේදී අවධානය යොමු විය.

ප්‍රධාන අභියෝග අතරට ප්‍රවාහන බාධක, ආරක්ෂාව සහ බන්ධනාගාර පහසුකම් තුළ ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලියේ යහපැවැත්ම සහතික කිරීම ඇතුළත් වේ.