Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සැළකිවයුතු කාලයකට සහ ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයකින් අනතුරුව යළි ක්‍රීඩා පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් බොහෝදෙනාගේ අවධානය යොමුව ඇත.
වසරක පමණ කාලයක් තරග තහනමකට ලක්වී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ(23) සිය පළමු තරගය වෙනුවෙන් SSC ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළේය.
කෙසේවෙතත් එහිදී ධනුෂ්කට ලබාගත හැකිවූයේ ලකුණු 10ක් පමණි.
ධනුෂ්ක ගුණතිලක අවසන් වරට ක්‍රිකට් තරගයක් වෙනුවෙන් ක්‍රීඩා කළේ 2022 වසරේ ඔක්තෝබර් මාසයේදීය.
SSC ක්‍රීඩා සමාජයේ විනය කමිටුව පැනවූ තරග තහනම ඉවත් කිරීමෙන් පසු ඔහු SSC ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ඊයේ පළමුවරට ක්‍රිකට් තරගයකට සහභාගි වී තිබිණි.
SSC ක්‍රීඩා සමාජය සහ නුගේගොඩ ක්‍රීඩා සමාජය අතර තරගයේ කාසියේ වාසිය දිනු SSC ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
ඒ අනුව ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ අවිශ්ක ප්‍රනාන්දු සහ ධනුෂ්ක ගුණතිලකය.
ධනුෂ්ක ගුණතිලක පන්දු 21කදී ලකුණු 10ක් රැස්කළ අතර ඊට හතරේ පහර දෙකක් ඇතුළත් විය.
තරගය නැරඹීම සඳහා ධනුෂ්ක ගුණතිලකගේ සමීපතමයන්ද එක්වී සිටිනු දක්නට ලැබිණි.
SSC ක්‍රීඩා සමාජය පන්දුවාර 41යි පන්දු 5කදී සියලු දෙනා දැවි ලකුණු 152ක් රැස්කළේය.
නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 50යි.
ලකුණු 153ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නුගේගොඩ ක්‍රීඩා සමාජයට පන්දුවාර 37ක් අවසානයේදී කඩුලු 7ක් දැවි රැස්කරගෙන සිටි ලකුණු සංක්‍යාව 125කි.
අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කළ අතර ලකුණු 6කින් තරගය ජයගත්තේ SSC ක්‍රීඩා සමාජයයි.(මුලාශ්‍රය – අද දෙරණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart