September 1, 2024

ඉතා සාර්ථක ආර්ථික වර්ධනයක් සහිතව ඉදිරියට යමින් සිටි බංග්ලාදේශය මාසයක් ඇතුළත බංකොළොත් රාජ්‍යක් බවට පත්කරන්නට එරට අරගලකරුවෝ සමත්වූ බවත්, ශ්‍රී ලංකාව එම අවසනාවන්ත ඉරණමෙන් අන්තිම පැය විසිහතරේදී බේරාගන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමත්වූ බවත් විදේශ රැකියා පිළිබඳ ජනාධිපති උපදේශක මනුෂ නානායකකාර පැවැසීය .

මීට මාස දෙකකට පෙර බංග්ලාදේශ ආර්ථිකය විනාශ කරන්නට අරමුදල් සැපයූ විදේශීය රටවල් වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන ව්‍යාපාර පිටුපස සිටිය හැකි බව අමතක නොකළ යුතු බවද ඔහු සඳහන් කළේය.

ගාල්ල නෙළුව පැවැති මහජන හමුවක් අමතමින් ඔහු මෙසේද ප්‍රකාශ කළේය.

සුනිල් හදුන්නෙත්ති කතාකළොත් කියනවානේ හොක්ගාලා ගියොත් කියලා. ඒ නිසා දැන් හඳුන්නෙත්ති එළියට දාන්නේ නෑ. මොකද හදුනෙත්තිලාටත් තියෙනවා ප්‍රශ්නයක්, අනුර කුමාරටත් තියෙනවා ප්‍රශ්නයක්, වැරදිලා හරි ඉස්සරහට ආණ්ඩු බලයක් ආවොත් මේක කරන්නේ කොහොමද කියලා. දන්නවා කරන්න බෑ කියලා. ඒක අනුර කුමාරටත් තේරෙනවා, හඳුන්නෙත්තිටත් තේරෙනවා, ලාල්කාන්තටත් තේරෙනවා. අන්න ඒ නිසා මුන් දැන් මුන්ටම ගහගන්නවා.

රනිල් වික්‍රමසිංහ මහත්තයා රට ගොඩගන්න හරියට වැඩේ කළාම සමහර රටවලට ඒක බලපානවා. ඒ රටවල් සපෝට් එක දෙනවා මේ රට අවුල් කරන්න. දැන් ජ.වි.පෙ. කැට හොල්ලනවා දැක්කද බස් ස්ටැන්ඩ්වල. නෑ නේද. ගම්වල ඇවිත් ටිකට් විකුණනවාද? නෑ නේද. එතකොට හොහෙන්ද මේ සල්ලි. ගම්වල කාර්යාල දාන්න. හැම රැස්වීමකටම බස් අරගෙන සෙනග ගෙනියන්නේ කොහොමද. ඉස්සර කෑම දුන්නද. නෑ ඒත් දැන් දෙනවා. දැන් එක රැස්වීමකට යනවා එතනින් තව රැස්වීමකට යනවා. ජ.වි.පෙ.සමජිකයන්ට රැකියාව බස් එකේ යාම බවට පත්වෙලා තියනවා.”