Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ උදෑසන ක්‍රියාත්මක වූ හමාස් සහ ඊශ්‍රායලය අතර සටන් විරාම ගිවිසුම යටතේ කොටසක් ලෙස පලස්තීන සිරකරුවන් සහ රැඳවියන් 90 ක් පමණ ඊශ්‍රායල සිරකඳවුරුවලින් නිදහස් කර තිබේ.
ඊශ්‍රායලය මෙම සිරකරුවන් පිරිස මුදාහැර ඇත්තේ හමාස් ප්රමුඛ පලස්තීන සටන්කාමීන් විසින් සිය ප්රාණඇපයෙහි සිටි ඊශ්‍රායල කාන්තාවන් තිදෙනෙකු මුදාහැරීමෙන් පැය කිහිපයකට පසුවය.
එම කාන්තාවන් තිදෙනා නැවත සිය පවුල් හා එක්ව ඇත්තේ දින 471ක් ගාසා තීරයේ ප්‍රාණඇපකරුවන් ලෙස රඳවා තබාගැනීමෙන් අනතුරුවය.
මාස 15 ක් පුරා ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර පවතින යුද්ධය අවසන් කිරීම අරමුණු කරගත් ගාසා තීරයේ සැලසුම් කර ඇති සති හයක සටන් විරාමය අතරතුර, සිදුකිරීමට නියමිතව තිබූ ප්‍රාණඇපකරුවන් සහ රැඳවියන්ගේ හුවමාරු වැඩසටහනේ පළමු අදියර ලෙස දෙපාර්ශවය විසින් එම පිරිස මුදාහැර තිබේ.
සටන්විරාම ගනුදෙනුව දීර්ඝ කිරීමට අදාළ සාකච්ඡා ඉදිරි සති කිහිපය තුළ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එහි මැදිහත්කරුවෝ පවසති.
ඊශ්‍රායලයෙන් නිදහස් වූ පලස්තීනුවන් බස් රථයකින් බටහිර ඉවුර රැහෙනවිත් තිබූ අතර, එහිදී පලස්තීනුවන් විසින් ඔල්වරසන් සහ සැමරුම් මධ්‍යයේ ඔවුන්ව පිළිගෙන තිබේ.
රමල්ලාහි උප නගරයක ස්ථාපිත කර ඇති මුදාහැරීමේ ස්ථානයේදී ඔවුන් පිළිගැනීමට සිය ගණනක් ජනයා රැස්ව සිට ඇත.
ශීත සෘතු කබාවලින් සැරසුණු පවුල්වල සාමාජිකයන් පලස්තීන කොඩි ලෙළවමින් දැඩි ශීත කාලගුණය ද නොතකා පැය කිහිපයක් පුරා සිය සමීපතමයන් පැමිණෙන තුරු බලාසිටි බව පැවසේ.
එසේ මුදාහැරුණු තරුණයන් කිහිපදෙනකු ඊශ්‍රායල බන්ධනාගාර ඇඳුමින් සැරසී සිටි අතර, ඔවුන්ව සිය මිතුරන්ගේ සහ පවුලේ සාමාජිකයන් විසින් ඔසවා ගෙන යන අයුරු විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.
සිරකරුවන්ගේ කටයුතු පිළිබඳ පලස්තීන අධිකාරියේ කොමිසමට අනුව, හුවමාරුවේදී නිදහස් කරන ලද බහුතරයක් පලස්තීනුවන් කාන්තාවන් සහ බාලවයස්කරුවන් වේ.
හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටි ප්‍රාණඇපකරුවන් මුදාහැර ඇත්තේ අන්තර්ජාතික රතු කුරුස සංවිධානයේ මැදිහත්වීමෙන් ය.
ඒ අනුව, හමාස් සටන්කාමීන් විසින් 2023 ඔක්තෝම්බර් 07 වනදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී පැහැරගෙන ගොස් තිබූ Romi Gonen, Emily Damari සහ Doron Steinbrecher නමැති කාන්තාවන් තිදෙනා ඊයේ රතු කුරුස සංවිධානයට අයත් රථයකින් ගාසා නගරයෙන් මුදාහැරීමෙන් අනතුරුව ඊශ්‍රායලයට රැගෙන ආ බව ඊශ්‍රායලය පවසයි.
අනතුරුව රතු කුරුස සංවිධානය එම කාන්තාවන් ඊශ්‍රායල හමුදාවන්ට භාර දී තිබේ.
ඉදිරි සතිවලදී මුදාහැරීමට නියමිත ප්‍රාණඇපකරුවන් සඳහා පිහිටුවා ඇති පිළිගැනීමේ මධ්‍යස්ථානය වෙත හමුදා රථ පෙළකින් ඔවුන් දේශසීමාව හරහා ගෙනගොස් ඇත.
ඊශ්‍රායලය පැවසුවේ එම කාන්තාවන් සිය පවුල් සමඟ නැවත එක් වූ බවයි.
එය ඉතා සංවේදී අවස්ථාවක් වූ බව ඊට අදාළ වීඩියෝ සහ ඡායාරූප නිකුත් කරමින් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart