Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හදිසි ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇතත් අවශ්‍යතා අනුව ඕනෑම ඖෂධයක් මිලදී ගැනීමට රෝහල් මට්ටමින් අවසර ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල ඊයේ (25) කියා සිටියේ අමාත්‍යංශය විසින් හදිසි මිලදී ගැනීම් තාවකාලිකව අත්හිටුවා තිබුණ ද රට පුරා සියලුම රෝහල්වල ඖෂධ නොමැතිවීමට පිළියම් යෙදීම සම්බන්ධයෙන් රෝහල් මට්ටමින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය අමාත්‍යංශ මට්ටමේ අවසරය ලබා දී ඇති බව ද ඔහු පැවසීය.
රෝගීන්ගේ යහපත සළකා කිසියම් ආකාරයක ඖෂධ නොමැතිවීමක් වාර්තා වුවහොත් ඖෂධ මිලදී ගෙන සැපයීමට තවදුරටත් අවශ්‍ය පියවර ගන්නා බව ද වෛද්‍ය මහීපාලපැවසීය.
අවශ්‍ය ඖෂධ කිසිදු බාධාවකින් තොරව සැපයීම සඳහා දිවයිනේ සෑම රෝහලක්ම මේ වන විට අධීක්ෂණය කරන බව ඔහු සඳහන් කළේය.
ඖෂධ සහ අනෙකුත් සෞඛ්‍ය සම්බන්ධ ද්‍රව්‍ය මිලදී ගැනීමේ සහ සැපයීමේ යාන්ත්‍රණය අමාත්‍යංශය විසින් විශේෂඥයන්ගේ සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සහයෝගය ඇතිව යාවත්කාලීන කර ඇති බව ලේකම්වරයා විස්තර කළේය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු විසඳීම සඳහා අමාත්‍යංශය වෘත්තීය සමිති ඇතුළු අදාළ සියලු පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
අමාත්‍යංශය විසින් හදිසි ඖෂධ මිලදී ගැනීම සෞඛ්‍ය අංශ වෘත්තීය සමිති සහ විපක්ෂ දේශපාලන අංශ ඇතුළු බොහෝ පාර්ශ්වයන්ගේ දැඩි විවේචනයට ලක්විය.
ඖෂධ මිලදී ගැනීමේදී සහ ඒවායේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පැහැදිලි බවක් නොතිබීම සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියට චෝදනා එල්ල විය.
මෙම විවේචන හමුවේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල හදිසි ඖෂධ මිලදී ගැනීම අත්හිටුවනු ලැබීය.
කෙසේවෙතත්, ඇමැති රඹුක්වැල්ල 2020 වසරේ කොවිඩ්-19 වසංගතය ඇතුළු රටේ මෑතකාලීන අභියෝගාත්මක තත්ත්වයන් සහ ඉන් අනතුරුව ඇති වූ ආර්ථික අර්බුදය හදිසි ඖෂධ ප්‍රසම්පාදන අවශ්‍ය වීමට මූලික හේතු ලෙස සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart