May 5, 2024

අද (05) පෙරවරු 11.00ට පමණ හොරණ පොලිස් වසමේ බේස්ලයින් වත්ත ප්‍රදේශයේදී ස්කුටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණ හොරණ ප්‍රදේශයේ පදිංචි වල්පිටගේ දොන් සංජය අසන්ත යන අයට වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ගුවන්තොටුපල ස්වයංක්‍රීය මුහුණු හදුනාගෙන ගැනීමේ පද්ධතිය (Automated Facial recognize system – AFRS) මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මොහු මෙම වෙඩි තැබීමෙන් අනතුරුව අද පස්වරු 05.35ට ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යෑමට නියමිත ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 550 දරන ගුවන් යානයට ගොඩවීමට ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

වෙඩි වැදීමෙන් තුවාල ලැබු සැකකරු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, මෙම වෙඩිතැබීම දෙපාර්ශවය අතර දිර්ඝ කාලයක සිට පැවැති ආරවුලක් මත සිදුකර ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වන 48/F, හොරකැටිය, හොරණ ලිපිනයේ පදිංචි ගොඩැල්ලගේ අෂේන් ජනිත් කුමාර (අවු.31) වේ.

එසේම වෙඩිතැබීමට පැමිණි යතුරු පැදිය හොරණ පොලිස් වසමේදී වි⁣ශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

42.31%
17.27%
32.76%