Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ස්ථාන සොයාගැනීමේ තාක්ෂණය (Location tracking) පිළිබඳ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුරෝගාමියකු එක්සත් රාජධානියේ රජුගේ අලුත් අවුරුදු ගෞරව ප්‍රදානෝත්සවයේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයාගේ නියෝග යටතේ පත්කෙරෙන නිලධාරියකු(Officer of the Order of the British Empire -OBE )ලෙස නම් කර ඇත.
රෝහල්, ගුවන් යානා නිෂ්පාදකයන් සහ සිල්ලර වෙළෙන්දන් විසින් භාවිත කරන PervasID නම් තත්‍ය කාලීන ස්ථාන සොයාගැනීමේ පද්ධතිය කේම්බ්‍රිජ් සරසවිය වෙනුවෙන් මෙලෙස නිර්මාණය කර ඇත්තේ, ආචාර්ය සබේසන් සිතම්පරනාදන්ය.
ඔහු එක්සත් රාජධානියේ ප්‍රජාව සඳහා කරන ලද සුවිශේෂී දායකත්වය වෙනුවෙන් ගෞරවයට පාත්‍ර වූ බටහිර නොවන ජාතියකට අයත් පුද්ගලයන් 105 දෙනා අතර වේ.
සම්මානය ලබාගැනීම ගැන තමන් අතිශයින් සතුටට පත් වූ බව ඔහු පැවසීය.
ආචාර්ය සිතම්පරනාදන් අධ්‍යාපනයේ නවෝත්පාදන තාක්‍ෂණය සහ විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු සහ ගණිතය විෂයයන් ප්‍රවර්ධනය කිරීම සඳහා වූ සේවාවන් සඳහා පිළිගැනීමක් ඇති අයෙකි.
මෙය සමස්ත කණ්ඩායමේ වෙහෙස මහන්සි වී වැඩකිරීම සහ නවෝත්පාදනය සඳහා ඉමහත් ගෞරවයක් සහ සාක්ෂියක් බව ඔහු පැවසීය.
රෝහල්වලදී, ඔහුගේ පද්ධතිය ශල්‍ය උපකරණ නිරීක්ෂණය කිරීමට විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර යොදාගනිමින් භාවිත කෙරේ.
සිල්ලර වෙළෙන්දන් තොග නිරීක්ෂණය කිරීමට සහ සේවාවන් වැඩිදියුණු කිරීමට මෙම ද තාක්ෂණය භාවිත කරයි.
ශ්‍රී ලංකාවෙන් පැමිණි ආචාර්ය සිතම්පරනාදන් කේම්බ්‍රිජ්හි කෝපස් ක්‍රිස්ටි විද්‍යාලයේ ආචාර්ය උපාධියක් ලබාගැනීමට පෙර ෂෙෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර එහිදී ඔහු සිය නිර්මාණ පද්ධතිය වර්ධනය කළේය.
ඔහු 2011 දී ග්‍රිටන් විද්‍යාලයේ පර්යේෂණ සගයකු ලෙස තේරී පත් විය.
“මම නව යොවුන් වියේදී උසස් අධ්‍යාපනය හැදෑරීමට මෙහි පැමිණියා, කේම්බ්‍රිජ් සහ මඟ දිගට මට ගුරුහරුකම් දුන් අය නොවන්නට මම අද සිටින තැනට එන්න ලැබෙන්නේ නැහැ.කේම්බ්‍රිජ් මට අවස්ථාව ලබාදුන්නා. අවසානයේදී, නවෝත්පාදනය උද්වේගකර නමුත් අදහසක් විද්‍යාගාරයෙන් සැබෑ ලෝකයට ගෙන ඒම සැබෑ අභියෝගයක් වී තිබෙනවා.පෞද්ගලික මට්ටමින්, එය සිහිනයක් සැබෑ වීමක්,” ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart