Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට ජනතාවගේ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී සහ ආර්ථික අභිලාෂයන් සඳහා එක්සත් ජනපදයේ සහය ප්‍රකාශ කරන ද්විපාර්ශ්වික යෝජනාවක් එක්සත් ජනපද විදේශ සබඳතා කමිටුවට ඉදිරිපත්කර තිබේ.
එක්සත් ජනපද සෙනෙට් සභිකයන් වන බෙන් කාඩින් සහ ජිම් රිස්ච්, සෙනෙට් විදේශ සබඳතා කමිටුවේ සභාපති සහ ශ්‍රේණිගත කිරීමේ සාමාජික, නියෝජිතයන් වන රාජා ක්‍රිෂ්ණමූර්ති සහ බිල් ජොන්සන් මෙම යෝජනාව ඉදිරිපත් කළහ.
දූෂණයට පිළියම් යෙදීමෙන්, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් යුක්තිය සහ වගවීම සහතික කරමින්, නිදහස් හා සාධාරණ පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ තවදුරටත් ප්‍රමාදයකින් තොරව පැවැත්වීමෙන් ශ්‍රී ලාංකීය ජනතාවගේ අයිතිවාසිකම්වලට ඇහුම්කන් දෙන ලෙසත්, ඒවාට ගරු කරන ලෙසත් එම යෝජනාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාවේ ජනතාව දේශපාලන, ආර්ථික සහ මානුෂීය අර්බුදයකට මුහුණ දී ඇති බව එම යෝජනාව මගින් පිළිගෙන තිබේ.
රජයේ දූෂණ, මූල්‍ය අවභාවිතය, නීතියේ ආධිපත්‍යයේ අසාර්ථකත්වය සහ මහජන චීන සමූහාණ්ඩුව හා සම්බන්ධ කොල්ලකාරී ණයදීම නිසා මෙම අර්බුදය උග්‍රවන බව ද එම යෝජනාවේ සටහන්ය.
“ශ්‍රී ලංකාවේ ජනතාවට සාමය, සමෘද්ධිය සහ යුක්තිය ලැබිය යුතුයි” යනුවෙන් සභාපති කාඩින් පවසා තිබේ.
“ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වඩාත් සුරක්ෂිත සහ සමෘද්ධිමත් ඉන්දු පැසිෆික් කලාපයකට සහාය වේ. මෙම යෝජනාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් නිදහස් හා සාධාරණ පළාත් පාලන මැතිවරණයක් පවත්වා යහපාලනය, නීතියේ ආධිපත්‍යය, දූෂණය, යුක්තිය, වගවීම සහ මානව හිමිකම් ක්‍රියාමාර්ග ශක්තිමත් කරන ලෙසයි. එක්සත් ජනපදය සාමය, සෞභාග්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ශ්‍රී ලංකාවේ ජනතාවට අඛණ්ඩව සහාය දෙනු ඇත” යැයි ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart