
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෝවිඩ් වසංගත සමයේ මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් පැතිර ඇති දුර්මත පිළිබද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබූ දේශපාලන විචාරක මොහොමඩ් රම්සි අත්අඩංගුවට ගෙන ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සැලැස්වීම තුළින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.
අදාළ ක්‍රියාවලිය තුළින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12(1), 13(1), 13(2) and 14(1)(a) යන වගන්ති තුළින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව තීරණය කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වින්දිත මොහොමඩ් රම්සිට වන්දි මුදලක් ගෙවන ලෙස වගඋත්තරුකරුවන්ට නියෝග කළේය.
ඒ අනුව මෙහි 01වැනි වගඋත්තරකරුවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක සහ වෝහාරික පුහුණු ඒකකයේ ස්ථානාධිපති බී. එම්. එස්. කේ. සේනාරත්න සහ 02වැනි වගඋත්තරකරු වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න විසින් පෙත්සම්කරුවන මොහොමඩ් රම්සිට සිය පෞද්ගලික මුදලින් රුපියල් 30,000 බැගින් වන්දි ගෙවිය යුතු බවට නියෝග කර තිබේ.
එමෙන්ම රජය විසින් ද වින්දිත මොහොමඩ් රම්සිට රුපියල් මිලියනයක වන්දි මුදලක් ගෙවිය යුතු බවට ද නියෝග කෙරිණි.
දණ්ඩ නීති සංග්‍රහය, අයීසීසීපීආර් පනත සහ පරිගණක අපරාධ පනත යටතේ මොහොමඩ් රම්සිට එරෙහිව චෝදනා නගා තිබූ අතර අදාළ චෝදනා එල්ල කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය තීන්දුව මගින් ප්‍රතික්ෂේප කර තිබිණි.
බුවනෙක අලුවිහාරේ, ජනක් ද සිල්වා සහ යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබූහ.
මෙම පෙත්සමේ විශේෂත්වයක් වන්නේ පෙත්සම්කාර රම්සි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබීය දී ඔහු වෙනුවෙන් නීතිඥ රම්සි බචා මගින් මෙම පෙත්සම ගොනුකර තිබීමයි.
නීතිඥ චතුර වෙත්තසිංහ සමග නීතිඥ නුවන් බෝපගේ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී
සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart