September 15, 2024

Asian Housekeepers’ Association (AHA) මගින් ආසියාවේ 3 වැනි හොඳම හෝටල් ගෘහ පාලකයා ලෙස ශ්‍රී ලාංකිකයෙකු වන කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ගයාන් පීරිස් නම් කර තිබේ.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය ප්‍රකාශ කළේ, මෙම සම්මානයෙන් ඔහුගේ සුවිශේෂී කුසලතා සහ නායකත්වය ඉස්මතු කරනවා පමණක් නොව ආගන්තුක සත්කාරයේ NSBM හරිත විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන‍ය පිළිබඳ උපාධියක් හිමි ගයාන් පීරිස් ශක්තිමත් ව්‍යාපාරික ඥානයක් සමඟ ගෘහ පාලනය පිළිබඳ ඔහුගේ ගැඹුරු අවබෝධය බාධාවකින් තොරව ඒකාබද්ධ කර තිබේ.

ගයාන් එක්සත් රාජධානියේ CTH හි සංචාරක කළමනාකරණය පිළිබඳ වෘත්තීය ඩිප්ලෝමාවක් සම්පූර්ණ කරන ලද අතර, කර්මාන්තයේ ඔහුගේ විශේෂඥතාව තවදුරටත් ශක්තිමත් කර ඇත.

එපමණක් නොව, ගයාන්ගේ නායකත්වය යටතේ, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය විසින් පසුගිය මාස 48 තුළ 94% කට වඩා වැඩි පිරිසිදුකම ලකුණු අඛණ්ඩව පවත්වා ගෙන ගොස් තිබේ.

එය මෙහෙයුම් විශිෂ්ටත්වය සහ අමුත්තන්ගේ තෘප්තිය සඳහා ඔහුගේ කැපවීම පිළිබඳ සාක්ෂියකි.

මෙම ජයග්‍රහණය සාඩම්බරයෙන් සමරන අතර, එය හෝටලය තුළ සිටින කනිෂ්ඨයන්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ නව තලයකට යාමට පොළඹවන අවස්ථාවක් ලෙස පිළිගන්නා බව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය පවසයි.