June 28, 2024

ඩිෆෙන්ඩර් රථයක් යොදාගෙන තරුණයකු පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් වසර 3ක සිර දඬුවම් නියම කළ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇප ඉල්ලා සිටීමට නියමිතය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ කොළඹ මහාධිකරණයට දන්වා සිටියේ විත්තිය වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

වරදට එරෙහිව අභියාචනයක් ගොනුකර ඇති බැවින් ඇප මත මුදා හරින ලෙස ඇප පනතේ (1997 අංක 30) 20 (2) වගන්තිය ප්‍රකාරව විත්තිකාරියට ඇප ඉල්ලා සිටිය හැක.

42.31%
17.27%
32.76%