Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසර 3ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය ඇප නියම කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ඇප නියම කරනු ලැබුවේ ඇය විසින් ගොනු කර තිබූ ඇප ඉල්ලීම අද සළකා බැලීමෙන් අනතුරුවය.
2015 වසරේ දෙමටගොඩදී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණය විසින් වසර 3ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේ ජුනි මාසයේදීය.
2015 දෙසැම්බර් 21 වැනිදා කළු පැහැති ඩිෆෙන්ඩර් ජීප් රථයකින් දෙමටගොඩට පැමිණි පිරිසක් තමා පැහැරගෙන ගොස් පහරදුන් බවට අමිල ප්‍රියංකර ගොනුකළ නඩුවේ තීන්දුව දෙමින් කොළඹ මහාධිකරණය මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.
මීට පෙර මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයේ විත්තිකාර ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සිද්ධිය වන අවස්ථාවේ තමන් උත්සවයක සිටි බවත් අධිකරණය හමුවේ වරද පිළිගත් එක් විත්තිකරුවකු තමාගේ ඩිෆෙන්ඩර් රථය තම අවසරයකින් තොරව රැගෙන් ගොස් භාවිත කර ඇති බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart