42.31%
17.27%
32.76%
September 25, 2024

ඔන්මැක්ස් ටී. ඩී (Onmax TD) පිරමීඩ යෝජනා සැලැස්මට අදාළව මුදල් ආයෝජනය කර මේ වනවිට මුදල් අහිමිවී සිටින තැන්පත්කරුවන්ට පැමිණිලි කිරිමට සුදුසු අකෘතියක් පිළියෙල කර ලංකාවේ සියලුම පොලිස් ස්ථාන වලට යොමු කරන ලෙසත්, එම පැමිණිලි භාරගන්නා ලෙසත් ලංකාවේ සියලුම පොලිස් ස්ථාන වල ස්ථානාධිපති වරුන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කරයි.

එමෙන්ම එම නියෝග පිටපතක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන ) වෙත යවන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය .

මෙම පිරමිඩ ජවාරමට අදාළ නඩුව ඊයේ (25) කැඳවනු ලැබු අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.

මෙම නඩුවේ විත්තිකරුවන් සියලුම දෙනා අධිකරණය හමුවේ පෙනීසිටි අතර නඩුවේ තැන්වැනි විත්තිකරු වන සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් නැමැත්තා හට ලබන ඔක්තෝබර් 04 වැනිදා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින ලෙසත් ඔහුගේ දේපළ සම්බන්ධයෙන් තක්සෙරු වාර්තා ලබාගැනීම සඳහා අවශ්‍ය වන ඉඩම් හා නිවාස වල පිඹුරුපත් වාර්තා එදිනම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසත් වැඩිදුරටත් නියෝග කළේය.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සමග රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් ප්‍රනාන්දු පෙනීසිටියේය .

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතිඥ අනුජ ප්‍රේමරත්න ඇතලු නීතිඥ මණ්ඩලයක් පෙනීසිටියේය .

නඩුව නැවත ලබන ඔක්තෝබර් 23 වැනිදා කැඳවීමට ද නියෝග කළේය.

42.31%
17.27%
32.76%