42.31%
17.27%
32.76%
October 11, 2024

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවෙන් සිය නම කපාදමා ඇත්තේ, සජබ දිස්ත්‍රික් නායක හේෂා විතානගේ බව ජනප්‍රිය නිළි දමිතා අබේරත්න ප්‍රකාශ කරයි.

ඉදිරි මහමැතිවරණයට “රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කරමු” යැයි තමාට ආරාධනා කරන ලද්දේද හේෂා විතානගේ බවද ඇය සඳහන් කරයි.

හේෂා විතානගේ යනු “එකට දුවමු” යැයි කියා පසුව “කකුළෙන් අදින” පහත පුද්ගලයකු බවද දමිතා අබේරත්න පවසයි.

සිය නම කපාහැරීම සම්බන්ධයෙන් සජබ නායක සජිත් ප්‍රේමදාසගේ සම්බධයක් ඇතැයි තමා නොසිතන බවද ඇය ප්‍රකාශ කරයි.

කෙසේවෙතත් තමාට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවද ඇය පවසයි.

42.31%
17.27%
32.76%