Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීට පෙර බදු අය නොකළ භාණ්ඩ සඳහා එකතු කළ අගය මත බද්ද (වැට්) පැනවීමට රජය යෝජනා කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
2024 අයවැය මගින් එකතු කළ අගය මත බද්ද සියයට 15-18 දක්වා වැඩි කිරීමට යෝජනා කරන බව ඔහු පැවසීය.
මීට පෙර බදු නොගෙවූ භාණ්ඩ සඳහා මේ වනවිට වැට් බද්ද පනවන බවත්, ඉන්ධන, ගෑස් සහ පොහොර සඳහාද වැට් බද්ද පනවන බවත්, ඔහු සඳහන් කළේය.
2024 අයවැයට අනුව ජංගම දුරකථන, පරිගණක ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ වැනි මීට පෙර බදු අය නොකළ භාණ්ඩ 100ක් සඳහා වැට් බද්ද පනවන බව ද ඔහු පැවසීය.
“2024 අයවැය මගින් සියලුම වෛද්‍ය උපකරණ සඳහා වැට් බද්ද පැනවීමට යෝජනා කරනවා. මෘදුකාංග, තේ දළු, රබර් කිරි වැනි තවත් අයිතම කිහිපයක් සඳහා ද වැට් බද්ද පනවනවා. නමුත් ජනාධිපතිවරයා අයවැය කතාවේදී මේ කිසිවක් සඳහන් කළේ නැහැ,” මන්ත්‍රීවරයා කියයි.
මෙය අසාධාරණ ක්‍රියාවක් බව තමා විශ්වාස කරන බවත්, වැට් බද්ද පනවන්නේ කෙසේද සහ මුදල් එකතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart