
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මියන්මාරයේ සිදුවූ ප්‍රබල භූමිකම්පාවෙන් පසු සිදුවෙමින් පවතින ආපදා ප්‍රතිසාධන මෙහෙයුම් සඳහා යොදවා ඇති යුධ, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන්ගෙන් සමන්විත විශේෂ ඒකකයන් අඛණ්ඩව සහාය දක්වමින් සිටියි.
පසුගිය සතියේ මියන්මාරයට ළඟාවූ ශ්‍රී ලාංකික කණ්ඩායම භූමිකම්පාවෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ එක් කලාපයක් වන Nay Pyi Taw පළාතට පිටත් කර යවා තිබේ.
අනතුරුව ඊයේ ඔවුන් පොබ්බ තිරි නගරයට අනුයුක්ත කර ඇති අතර, එහිදී ශ්‍රී ලංකා මානුෂීය සහන කණ්ඩායම ඔවුන්ගේ සහන මෙහෙයුමේ කොටසක් ලෙස ජංගම වෛද්‍ය සායන ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම දැනට අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයන්ගේ මධ්‍යස්ථානවල නවාතැන් ගෙන ඇති කාන්තාවන්, ළමුන් සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් විපතට පත් ප්‍රජාවන්ට තීරණාත්මක වෛද්‍ය ආධාර ලබාදෙයි.
මෙම මධ්‍යස්ථානවලට එරට වාණිජ අමාත්‍යාංශ මධ්‍යස්ථාන සහ මෂිකානා ආරාමය ඇතුළත් වේ.
ජංගම වෛද්‍ය ඒකක හදිසි සෞඛ්‍ය සේවා අවශ්‍යතාවලට සහන සේවා සපයා ඇති අතර, තුවාලවලට ප්‍රතිකාර කිරීම, ආසාදන පාලනය කිරීම සහ ව්‍යසනයෙන් බලපෑමට ලක්වූවන්ගේ සමස්ත යහපැවැත්ම සහතික කිරීම ඊට ඇතුළත් වේ.
ක්ෂණික වෛද්‍ය ප්‍රතිකාර වලට අමතරව ශ්‍රී ලංකා මානුෂීය සහන කණ්ඩායම විසින් පීඩාවට පත් වූ ජනගහනයට සාමාන්‍ය තත්ත්වය පිළිබඳ හැඟීමක් ඇති කිරීමට උපකාර කිරීම සඳහා මනෝවිද්‍යාත්මක සහ සෞඛ්‍ය අධ්‍යාපනය ද ලබා දෙයි.
ජාතික සීමාවෙන් ඔබ්බට හදිසි අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීමේදී ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ ශක්තිමත් මානුෂීය කැපවීම සහ කලාපීය සහයෝගීතාවය දැනට ක්‍රියාත්මක සහන මෙහෙයුම් මගින් ඉස්මතු කරයි.
එමෙන්ම මෙම ත්‍රිවිධ හමුදා කණ්ඩායම ඉදිරි දිනවලදී මියන්මාරයේ ප්‍රතිසාධන ප්රයත්නයන්ට සහාය වීම සඳහා පළාත් පාලන ආයතන සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සම්බන්ධීකරණයෙන් සිය මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart