Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාවික හමුදාව විසින් 2023 වසරේදී නීතිවිරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ පුද්ගලයන් 343 දෙනකු සහ මත්ද්‍රව්‍ය, තහනම් භාණ්ඩ සහ ජාවාරම් භාණ්ඩ සැළකිවයුතු ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව, හෙරොයින් කිලෝග්‍රෑම් 715කට වැඩි ප්‍රමාණයක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 3711ක්, දේශීය ගංජා කිලෝග්‍රෑම් 50ක්, හෂීස් කිලෝග්‍රෑම් 140ක් සහ ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් (අයිස්) කිලෝග්‍රෑම් 11ක් අත්අඩංගුවට ගෙන ඇත.
මීට අමතරව, දේශීය ගංජා පැල 92572 ක් විනාශ කර ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් ධීවර යාත්‍රා සමඟ දේශීය සැකකරුවන් 18ක්, ඉරාන සැකකරුවන් 05ක්, ධීවර යාත්‍රාවල සිටි පාකිස්ථානු ජාතිකයන් 03ක් සහ ඉන්දීය සැකකරුවන් 06ක් ඇතුළු පුද්ගලයන් 187ක් අත්අඩංගුවට ගෙන ඇත.
විදේශ මත්පැන් බෝතල් 191, නීති විරෝධී දුම්වැටි 41380, අනුමත නොකළ ඖෂධ 1016755, මදන මෝදක මත් පෙති 2642, ගජමුතු 11, රන් කිලෝ 14, බීඩි කොළ, දුම්කොළ කුඩු, කහ, එනසාල්, කෘෂි රසායන, සහ විලවුන් හොර රහසේ ප්‍රවාහනය කිරිමට තැත්කිරීමේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.
එවැනි ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 60 දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.
නීතිවිරෝධී ලෙස ඉන්දියාවට සංක්‍රමණය වීමට පහසුකම් සැලසීමට සම්බන්ධ එක් බෝට්ටුවක්, පුද්ගලයන් 05 දෙනකු සහ ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ බෝට්ටු දෙකක්, පුද්ගලයන් 07 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සියලුම පුද්ගලයන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ බලධාරීන් වෙත භාර දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart