March 15, 2025

La Maison de ලෙස කොළඹ නගරයේදී පළමුවරට ප්‍රංශ හෝටලයක් සහ අවන්හලක් විවෘත කර තිබේ.

කොළඹ 6, ස්ට්‍රැට්ෆර්ඩ් මාවතේ පිහිටා ඇති එය පාරිභෝගිකයන්ට ප්‍රංශ ආගන්තුක සත්කාරයේ අලංකාරය මුණගැසෙන ස්ථානයකි.

La Maison de සම-නිර්මාතෘවරුන් වන්නේ Christophe Coucaud සහ Pascal Gavotto යන ප්‍රංශ ජාතිකයන් දෙදෙනකු වන අතර ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකාවට දැඩි ඇල්මක් දක්වන් පුද්ගලයන්ය.

La Maison හි සේවක මණ්ඩලය සමඟ එක්ව කටයුතු කරන ඔවුන්ගේ දැක්ම වන්නේ, හොඳ ආහාර සහ වයින්, හොඳ සමාගමක් හා සුන්දර වටපිටාවක් සමඟ ‘art de vivre’ හෝ ජීවන කලාව අත්විඳීමේ නව ක්‍රම නිර්මාණය කිරීමයි.

මෙම හෝටලය ප්‍රංශ අලංකාරය සහ ශ්‍රී ලාංකේය විලාසිතාව පිළිබිඹු කරමින් මනාව සැලසුම් කරන ලද කාමරවලින් සමන්විත වී තිබේ.

මෙහි නවාතැන් ගැනීම කොළඹ තදබදයෙන් විරාමයක් ලබාදෙන අතර, නගරයක නවාතැන් ගැනීමට හෝ ව්‍යාපාරික කටයුතුවල යෙදීසිටින විට පවා කදිම අත්දැකීමක් බව ඔවුහු පවසති.

කලාව සහ සාහිත්‍යය ප්‍රංශ සංස්කෘතියට කේන්ද්‍රගත වී ඇති අතර අමුත්තන්ට එහි අත්දැකීම් ලබාදීමට හෝටල් කාර්‍යය මණ්ඩලය සූදානමින් සිටියි.