January 31, 2024

ශ්‍රී ලංකා මහ බැංකුව සිය නව බඳවා ගැනීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

එහිදී තිරසාර මූල්‍ය ව්‍යාපෘති නිලධාරී තනතුර සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම් සිදුකරනු ලබන මහ බැංකුව සඳහන් කර තිබේ.

මීට අමතරව ගිණුම්කරණය/ විගණනය, තොරතුරු තාක්ෂණය සහ භාණ්ඩාගාර මෙහෙයුම් යන ක්ෂේත්‍ර සඳහා වන බැංකු පරීක්ෂක තනතුරු සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම් සිදුකරනු ලබන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කරයි.

42.31%
17.27%
32.76%