
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපතිවරුන් විදෙස් සංචාර සඳහා වැය කළ මුදල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදුකළාය.
එහිදී ඇය පෙන්වා දුන්නේ, 2010 සිට 2014 දක්වා කාලය තුළ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් විදේශ සංචාර සඳහා දරා ඇති වියදම රුපියල් මිලියන 3,572 ක් බවයි.
අග්‍රාමාත්‍යවරියගේ අනාවරණය අනුව, 2015 සිට 2019 දක්වා ජනාධිපතිධූරය දැරූ මෛත්‍රීපාල සිරිසේනගේ විදෙස් ගමන් වෙනුවෙන් රුපියල් මිලියන 384 ක් වැයකර තිබේ.
2020 සිට 2022 දක්වා වූ වසර දෙක තුළදී එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකළ විදෙස් සංචාර සඳහා වියදම රුපියල් මිලියන 126 ක් බවත්, එය සාපේක්ෂ වශයෙන් අඩු අගයක් බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.
එමෙන්ම 2023 සිට 2024 දක්වා කාලය තුළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විදේශ සංචාර සඳහා රුපියල් මිලියන 533 ක මුදලක් වැයවී ඇතැයි ද අග්‍රාමාත්‍යවරිය පෙන්වාදුන්නාය.
එමෙන්ම ඇය පැවසුවේ, 2024 සැප්තැම්බර් මාසයේ සිට 2025 පෙබරවාරි දක්වා කාලය තුළ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ විදේශ සංචාර සඳහා වැයවී ඇත්තේ රුපියල් මිලියන 1. 8 ක් පමණක් බවයි.
වත්මන් ආණ්ඩුව ද ජාත්‍යන්තරය තුළ රට නියෝජනය කරන බවත්, ඒ වෙනුවෙන් විදේශ සංචාර සිදු කරන බවත් ඒ වෙනුවෙන් ජනතාවට බරක් නොවී ජනතා මුදල් කළමනාකරණය කරමින් කටයුතු කරන බවත් ක්‍රියාවෙන් ඔප්පු කර ඇති බව ද අග්‍රාමාත්‍යවරිය එහිදී පැවසුවාය.
ඒ අනුව 2010 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා විදේශ සංචාර වෙනුවෙන් වැඩිම වියදමක් දරා ඇත්තේ 2013 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් බවත්, එම අගය රුපියල් මිලියන 1,144 ක් බවත් එය එක් වර්ෂයක් සඳහා වැය කර ඇති මුදල බවත් ඇය අනාවරණ කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart