Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවටත් එහිදී යම් යම් පරීක්ෂා කිරීම් සහ අඩුපාඩු පෙන්වා දී ඇති බවටත් ජනමාධ්‍ය ඔස්සේ පළවන වාර්තා ඇමැතිවරයා ප්‍රතික්ෂේප කරයි.
ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, එම සාවද්‍ය ප්‍රවෘත්තියේ සදහන් පරිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස එම ධූරයට පත්වූ පසු මේ දක්වා මහනුවර හෝ දිවයිනේ වෙනත් කිසිදු ප්‍රදේශයක රෝහල් නිරීක්ෂණයකට සහභාගි වී නොමැති බව අවධාරණය කරන බවයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
‘සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පෙරවරු 9.00 සිට රාත්‍රී 8.00 පමන දක්වා කොළඹ 10 පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුදී සිටි අතර එ් මහතාට පරිශ්‍රයෙන් බහැරව යාමට අවස්ථාවක් නොතිබිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ උදෑසන සිට පස්වරුව දක්වා සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ ප්‍රධාන වෘත්තීය සමිති 07ක නියෝජිතයන් සහ අමාත්‍යාංශයේ නිළධාරීන් සමග සෞඛ්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය හා සේවා ගැටලු පිළිබදවත් විශේෂයෙන්ම සෞඛ්‍ය සේවාව නගා සිටුවීමේ ඉදිරි සැළසුම් සකස් කිරීම පිළිබදවත් එම නියෝජිතයන් සමග දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනීමක් සිදුකරන ලදී.
එවන් තත්ත්වයක් යටතේ ඊයේ (22) ගරු අමාත්‍යතුමාට මහනුවර හෝ දිවයිනේ වෙනත් කිසිදු ප්‍රදේශයක රෝහල් නිරීක්ෂණය කිරීමට යාමට අවකාශ නොතිබූ බව නැවත අවධාරණය කරමි.
මෙවන් සාවද්‍ය ප්රවෘත්ති පළකිරීම් මගින් සෞඛ්‍ය ක්ෂේත්රයේ නිලධාරීන් හා ආයතන අපහසුතාවයට පත් නොකරන ලෙසත් එවන් සාවද්‍ය ප්රවෘත්ති සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර මහජනතාව නොමග යැවීම සිදු නොකරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart