Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය ආණ්ඩුව සමයේ දේශපාලන හිතවත්කම් මත විදේශ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවලට පත් වූ සියලුදෙනාට 2024 දෙසැම්බර් 01 වැනිදාට පෙර නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස දන්වා ඇත.
රජයේ ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් අද ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, හිටපු ආණ්ඩුව විසින් ඇතැම් විදෙස් රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ලෙස දේශපාලන සම්බන්ධතා මත ඇතැම් පුද්ගලයන් පත්කර ඇති බවයි.
පත්කළ පුද්ගලයන් විදේශ සේවාවල පළපුරුද්දක් නොමැති අතර එම පත්කිරීම් සියල්ල දේශපාලන පත්වීම් ලෙස වර්ග කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.
“සමහරු හමුදාවේ වැනි ජ්‍යෙෂ්ඨ තනතුරු දැරූ අය. ඇතැම් දේශපාලනඥයන්ගේ දූ පුතුන් රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවල පහළ තනතුරුවලට පත්කරල තියෙනවා” අමාත්‍යවරයා අනාවරණය කළේය.
අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, එලෙස පත්කෙරුණු තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් 15 දෙනකු ආපසු කැඳවා ඇති බවත්, ඔවුන්ට 2024 දෙසැම්බර් 01 දිනට පෙර නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට දන්වා ඇති බවත්ය.
විදේශ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලවල පත්වීම් ලැබූ දේශපාලනඥයන්ගේ දූ පුතුන් ද මේ වනවිට යළි කැඳවා ඇති බව ද ඔහු සඳහන් කළේය.
“ඉදිරියට එහෙම පත්කිරීම් කරන්නේ නැහැ. විදේශ සේවාවල පළපුරුදු අය පමණක් පත්කරනවා. විශේෂ අවශ්‍යතා නිසා ඔවුන්ගේ විශේෂඥතාව මත විදේශ සේවාවලින් පිටත පුද්ගලයන් ද පත්කරන්න පුළුවන්” ඔහු වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart