January 1, 2025

කොසු මිටක් සිදුරු කර ඊට මත්කුඩු පුරවා කළුතර බන්ධනාගාරයේ සිරමැදිරි අතුගෑම සඳහා කොස්සක් රැගෙන ගිය කාන්තාවක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඇය කළුතර උතුර පොලිසියට භාරදී ඇතැයි වාර්තා වේ.

පොලිසිය සඳහන් කර ඇති ආකාරයට මෙම කාන්තාවගේ සැමියා මත්ද්‍රව්‍ය පිළිබඳ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාරයේ රඳවා ඇත.

ඔහු රඳවා සිටින සිරමැදිරිය ඊයේ (31දා) ශුද්ධ පවිත්‍ර කිරීමේ අරමුණ ඇතිව, තම සැමියාට දීම සඳහා මෙම කොස්ස බන්ධනාගාරයට රැගෙන ගිය බව සැකකාරිය පවසා ඇතැයි පොලිසිය කියයි.

එම කොස්සේ මිට සිදුරු කොට ඊට හෙරොයින් ග්‍රෑම් හතරක් ද, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් හතරක් ද, කංසා ද පුරවා ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධිය පසුපස තවත් සැකකරුවන් පිරිසක් සිටිය හැකි බවට පොලිසිය සැකකරයි.

අදාළ කාන්තාවගේ දුරකථනයේ අංක සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදුකෙරේ.

42.31%
17.27%
32.76%