Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ෂෙයික් හසීනා අගමැති ධුරයෙන් නෙරපා මාස ගණනකට පසු, බංග්ලාදේශය සිය මුදල් නෝට්ටු වලින් ඇගේ පියා සහ රට පිහිටුවීම පිටුපස සිටි ප්‍රතිරූපය වන ෂීක් මුජිබර් රහ්මාන්ගේ රූපය ඉවත්කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර තිබේ.
ඒ අනුව, බංගලාදේශ මහ බැංකුව නව නෝට්ටු මුද්‍රණය කරමින් සිටින බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
ඉකුත් අගෝස්තු 5 දා හසීනාට ඉන්දියාවට පළායෑමට බලකළ ශිෂ්‍ය විරෝධතා ගැන සඳහන් කරමින් බංග්ලාදේශයේ ජනමාධ්‍ය ඒ බව වාර්තා කර ඇත.
නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් බංග්ලාදේශයේ වත්මන් අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස සහ ප්‍රධාන උපදේශක ලෙස වැඩ භාරගත්තේ ඉන් අනතුරුවය.
මින් ඉදිරියට ටකා 20, 100, 500 සහ 1000 මුදල් නෝට්ටු මුද්‍රණය කරන්නේ අන්තර්වාර රජයේ උපදෙස් මත බව බංග්ලාදේශ මහ බැංකුව පවසයි.
“නව නෝට්ටුවල ‘බංගබන්ධු’ ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ රූපය ඇතුළත් නොවේ,” බැංකුව උපුටා දක්වමින් පුවත්පත වාර්තා කළේය.
ආගමික ව්‍යුහයන්, බෙංගාලි සම්ප්‍රදායන් සහ ජූලි මහජන විරෝධතා ඒවායේ ඇතුළත් වනු ඇති බව එහි සඳහන් වේ.
“ඉදිරි මාස හය ඇතුළත නව නෝට්ටුව වෙළඳපොළට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි” යනුවෙන් බංග්ලාදේශ මහ බැංකුවේ විධායක අධ්‍යක්ෂ Husneara Shikha උපුටා දක්වමින් බංග්ලාදේශ ජනමාධ්‍ය වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart