July 25, 2023

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර කොළඹදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයට වර්ෂාව හේතුවෙන් බාධා එල්ලවී තිබේ.

පාකිස්ථානය සිය පළමු ඉනිමට කඩුලු 02ක් දැවී ලකුණු 178ක් ලබා සිටියදී වර්ෂාවෙන් තරගයට බාධා එල්ල විය.

තරගය නතර කිරීමෙන් පසු පකිස්ථාන මදවේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී විවේකය භුක්ති විඳිනු දක්නට ලැබිණි.

ක්‍රීඩාංගණයේ අතුරා ඇති වැහි ආවරණ සමඟ හසන් අලී විනෝද වන අයුරු ට්විටර් වෙබ් අඩවියේ හුවමාරු වන වීඩියෝ දර්ශනවල මෙසේ දැකගත හැකිය.

මෙහිදී හසන් අලී වැසි ආවරණ ජල ස්ලයිඩයක් ලෙස භාවිත කරනු ලබයි.