September 5, 2024

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ICC මාසයේ ක්‍රීඩකයා සම්මානය සඳහා වන පිරිමි සහ කාන්තා අවසන් නම් ලැයිස්තුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයකු සහ ක්‍රීඩිකාවක ඇතුළත් වී තිබේ.

ඒ අනුව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහරාජ්, බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක ජේඩන් සීල්ස් සහ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පිරිමි සම්මානය සඳහා නිර්දේශ වී ඇත.

කාන්තා සම්මානය සඳහා ශ්‍රී ලංකා පිතිකාරිනියක වන හර්ෂිතා සමරවික්‍රම, අයර්ලන්ත තුන් ඉරියව් ක්‍රීඩිකා Orla Prendergast සහ අයර්ලන්ත ආරම්භක පිතිකරු Gaby Lewis ඇතුළත් වෙති.

හර්ෂිතා සමරවික්‍රම ආසියානු කුසලානයේ සිට අයර්ලන්ත සංචාරය දක්වාම දස්කම් දැක්වීමට සමත්වූවාය.

විචිත්‍රවත් වමත් පිතිකාරිනියක වන ඇය ඩබ්ලින්හි පැවති T20 තරග දෙකේදී ලකුණු 151ක් රැස් කළේ 169.66ක පහරදීමේ වේගයක් සහ බෙල්ෆාස්ට් හි ක්‍රීඩා කළ එක්දින තරග තුනකදී 172 82.69 පහරදීමේ වේගයක් රඳවා ගනිමිනි.

පළමු T20 තරගයේදී පන්දු 45කදී නොදැවී ලකුණු 86ක් රැස්කළ ඇය දෙවැනි එක්දින තරගයේදී ලකුණු 105ක් රැස්කරමින් එක්දින ශතකයක් වාර්තා කළ තෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩිකාව බවට පත්වූවාය.

මේ අතර දුනිත් වෙල්ලාලගේ එක්දින තරගවල ඔහුගේ දස්කම් සඳහා අගෝස්තු පිරිමි ලැයිස්තුවට ඇතුළත්ව සිටින්නේ නොදැවී ලකුණු 67ක්, 39ක් සහ 2ක් ලබාගනිමින් ඉන්දියාවට එරෙහිව 2-0ක් ලෙස තරඟාවලිය ජයග්‍රහණය කිරීමේ තරඟාවලියේ වීරයා වූ පසුබිමකය.

ඔහු තෙවැනි තරගයේදී ලකුණු 27කට කඩුලු 5ක් දවා ගැනීම ඇතුළුව කඩුලු 7ක් ද දවාලීමට සමත් විය.