Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගියදා පාර්ලිමේන්තුවේ සහ මහජනතාව අතර මහත් ආන්දෝලනයක් ඇති කළ අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව ඇති කර ගත් ගිවිසුම යටතේ යෝජිත කුලී බද්ද සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කනස්සල්ල පළකර තිබේ.
ප්‍රකාශයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා අවධාරණය කර ඇත්තේ, දේපල බද්දකට වඩා ආදායම් බද්දක් ලෙස වර්ගීකරණය කර ඇති මෙම බද්ද පුළුල් පරාසයක ආදායම් ලබන්නන්ට අසමානුපාතික ලෙස බලපෑම් කළ හැකි බවයි.
සවිස්තරාත්මක විශ්ලේෂණයක් සපයමින් ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වාදෙන්නේ, මාසික වැටුප රු.150,000 හිමිවන පුද්ගලයකු ඒ යටතේ දැනට රු. 3,500ක් බදු ගෙවිය යුතු බවයි
කෙසේවෙතත්, බදු සීමාවන් සහ අනුපාත සඳහා ගැලපීම් නොමැති නම්, එම පුද්ගලයා රුපියල් ලක්ෂයක කුලී ආදායමකට යටත් වන්නේ, නම් රුපියල් 100,000කට මාසිකව, ඔවුන්ගේ බදු වගකීම රුපියල් 21,000 ක් වන බව ඔහු පෙන්වාදෙයි.
මෙම යෝජනාව මගින් 2026 වන විට රු.බිලියන 150ක් රැස් කිරීම රජයේ අරමුණයි.
ඒ සඳහා පුළුල් බදු ජාලයක් අවශ්‍ය වේ.
එහෙත් එහි සාධාරණත්වය සහ ප්‍රායෝගිකභාවය විමර්ශනයට ලක්ව ඇත.
නව බද්දෙන් පීඩාවට පත්වන්නේ ධනවතුන් පමණක් බවට මුදල් අමාත්‍යාංශය කරන ප්‍රකාශයට ද හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා අභියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart