Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනුම අලුත් කර ගැනීම අධ්‍යාපනයේ ප්‍රධාන කාර්යයක් වී ඇති බවත් ඉදිරි වසර 75 තුළ රට ඉදිරියට ගමන් කිරීමට නම් අධ්‍යාපන ක්‍රමය නව පරිවර්තනයකට ලක් කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.
නවීන තාක්ෂණය සහ දැනුම අධ්‍යාපනයේ නව ආයුධය බවට පත්ව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රටේ ආර්ථිකය කෙතරම් ශක්තිමත් කළද ලෝකය සමඟ පරිවර්තනය වෙමින් ඉදිරියට නොගියහොත් රට පසුපසට ගමන් කරන බවද පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අද (05) පස්වරුවේ පැවති කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ 2022 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.
විද්‍යාලය වෙත සපැමිණි ජනාධිපතිවරයා සිසු දැරියන් විසින් මහත් හරසරින් පිළිගත් අතර ජ්‍යෙෂ්ඨ බටහිර තූර්ය වාදක කණ්ඩායම, ජ්‍යෙෂ්ඨ පෙරදිග තූර්ය වාදක කණ්ඩායම සහ නර්ථන කණ්ඩායම විසින් ජනාධිපතිවරයා උත්සව සභාව වෙත කැඳවා ගෙන එනු ලැබීය.
2022 වසරේ උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම සියලු විෂයයන් සඳහා විශිෂ්ට සමාර්ථ හිමි කර ගත් ශිෂ්‍යාවන් සඳහා ත්‍යාග පිරිනැමීම මෙන්ම එම විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට මඟ පෙන්වූ ගුරුවරුන් සහ 2022 වසරේ අඩුම නිවාඩු ලබා ගත් ගුරුවරුන් ඇගයීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුවිය.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
“එවකට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මා කටයුතු කළ සමයේ මෙම පාසල දියුණු කිරීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. එහි ප්‍රතිඵල අද දකින්න තිබෙනවා. මගේ ජිවිතයේ ඉතා අසීරු කාලය තුළ මා ජීවත්වූයේ මේ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය අසලයි. පසුගිය වසර දෙක තුළදී නැවත මේ රට වැටෙන්නට ඉඩ නොතබා රට ක්‍රමානුකූලව ගොඩනැඟීමට අපට හැකි වුණා. එය ප්‍රමාණවත් වන්නේ නැහැ. අප තව වසර 05ක් 10ක් මේ ගමන ඉදිරියට යා යුතුයි.
එහිදී අපි රටේ දරුවන්ගේ අනාගතය පිළිබඳවද සිතිය යුතුයි. ඔබ සියලුදෙනා ඉදිරියේදී එක්වන්නේ ඉතා සීග්‍රයෙන් දියුණුවන සමාජයකටයි. ඒ සඳහා ඔබ සූදානම් කිරීම රජයේ වගකීම වෙනවා. ජංගම දුරකථනය, ලැප්ටොප් පරිගණකය සමඟ අද දරුවන්ට නවීන ලෝකය සමඟ සම්බන්ධවීමට අවස්ථාව ලැබී තිබෙනවා.එය අධ්‍යාපනයේ අලුත් ආයුධයක්.
මේරට ඉදිරි වසර 75 තුළ ඉදිරියට යන්නේ රටේ අධ්‍යාපන ක්‍රමය නව පරිවර්තනයකට ලක් කළහොත් පමණයි. එසේ නොකර ඉදිරියට යන්න බැහැ. ආර්ථිකය කෙතරම් ශක්තිමත් කළත් ලෝකය සමග පරිවර්තනය වෙමින් ඉදිරියට නොගියහොත් ආර්ථිකය වැටෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart