42.31%
17.27%
32.76%
August 23, 2024

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය කළ ප්‍රකාශයක් යැයි කියමින් ආගමික සංහිඳියාවට බාධාවක් වන අයුරින් ව්‍යාජ ප්‍රකාශයක් කළ බවට සහ එය ප්‍රචාරය කළ බවට චෝදනා කරමින් හිරු නාලිකාවට සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකට එන්තරවාසි යොමුකර ඇත.

ජාතික ජන බලවේගයට රටේ බලය හිමිවුව හොත් මහනුවර දළදා පෙරහැර නතර කරන බව ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර ඇතැයි, පසුගියදාක පැවැති සජබ මැතිවරණ රැස්වීමකට එක්වෙමින් තිස්ස අත්තනායක ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශය අසත්‍ය බවත්, ජාජබ සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගියදා ජනමාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේය.

මෙම අසත්‍ය ප්‍රකාශය කඩිනමින් නිවැරදි නොකළහොත් හෙට දිනයේ තිස්ස අත්තනායකට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නලින්ද ජයතිස්ස එහිදී සඳහන් කළේය.

එසේම තිස්ස අත්තනායක සිදුකළ එම ප්‍රකාශය විකාශය කළ රුපවාහිනී නාලිකාවට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු අවධාරණය කළේය.

ඒ අනුව මෙලෙස යොමුකර ඇති එන්තරවාසි ඔස්සේ හිරු නාලිකාවෙන් රුපියල් මිලියන 100ක වන්දි මුදලක්ද, තිස්ස අත්තනයකගෙන් තවත් රුපියල් මිලියන 100ක වන්දි මුදලක්ද ඉල්ලා ඇත.

දින 14 ඇතුළත එම වන්දි මුදල් නොගෙවන්නේ නම් නඩු පවරා එම වන්දි මුදල් අයකර ගැනීමට කටයුතු කරන බවද අදාළ එන්තරවාසිවල සඳහන් වේ.

42.31%
17.27%
32.76%