
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ප්‍රකාශනය ඇතුළුව භාෂණයේ සහ ප්‍රකාශනයේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් පනත් කෙටුම්පත බරපතල බලපෑම් ඇති කරන බව පෙත්සම්කාරිය ප්‍රකාශ කර තිබේ.
යෝජිත පනත් කෙටුම්පත ප්‍රකාශනය ඇතුළුව භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සීමාකිරීමට උත්සාහ කරන බවද ඇය පවසයි.
අනෙකුත් ස්වාධීන කොමිෂන් සභාවල මෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඔන්ලයින් ආරක්ෂණ කොමිසමට සාමාජිකයන් නිර්දේශ නොකරන බවත් මෙම කොමිසමට සාමාජිකයන් පස් දෙනෙකු පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් බවත් පෙත්සම්කාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
නීතීඥ මංජුල බාලසූරිය මාර්ගයෙන් මෙම පෙත්සම ගොනුකර ඇත.
මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් රැසක් ගොනුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart