August 26, 2024

හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු කියාසිටියේ අරගලය ජනතා විරෝධතා පැවති අවස්ථාවේදී තමන් සහ හිටපු ඇමැති මනූෂ නානායක්කාර එවකට අගමැති රනිල් වික්‍රමසිංහ හමුවීමට මරුටි මෝටර් රථයක සැඟවී ගිය බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීමට නියෝග කෙරුණු අධිකරණ තීන්දුවෙන් තමා නොසැලී සිටින බවද හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, ඊයේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති එක්සත් ජාතික පක්ෂ සම්මේලනය අමතමිනි.

2022 ජනතා අරගලයේදී අගමැති වික්‍රමසිංහ හමුවීමට මනූෂ නානායක්කාර සමඟ එක්ව මරුටි මෝටර් රථයකින් යෑමට සිදුවූයේ තමන්ට පහරදෙනු ඇතැයි යන බියෙන් බවද ඔහු හෙළිකළේය.

2022 දී රනිල් වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලයට එක්වීමට තීරණය කිරීමෙන් පසු, සිය නිවසට ප්‍රහාරයක් එල්ල වේ යැයි බියෙන් තම දරුවාගේ පරිගණකයද නිවසින් ගලවා පවුලේ අය ආරක්‍ෂිත ස්ථාන වෙත යැවූ බව ප්‍හරීන් රනාන්දු පැවැසීය.

හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර 2022 දී රනිල් වික්‍රමසිංහට සහයෝගය දුන් අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ව සිටියදී කැබිනට් ඇමැතිවරුන් බවට පත්කරන ලදී.

පසුව සමගි ජන බලවේගය ඔවුන්ව පක්ෂයෙන් නෙරපා දැමූ අතර එම ගැටලුව අධිකරණය හමුවට ඉදිරිපත් විය.

හරීන් ප්‍රනාන්දුට සහ මනූෂ නානායක්කාරට මේ මස මුලදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අහිමි වූයේ, සමගි ජන බලවේගය විසින් සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගත් තීරණය නීත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකින් පසුවය.