August 9, 2024

ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් දෙදෙනෙකු වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර පක්ෂයෙන් නෙරපා හැරීමට සමගි ජන බලවේගය ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කර ඇති අතර, එමඟින් එම දේශපාලඥයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සහ ඇමැති ධූර අහිමි වනු ඇත.

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැණි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන ඇමතිවරුන් ඉදිරිපත් කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදී ඇත.

විජිත් මළල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබාදී තිබේ.

හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර නෙරපා හැරීමේ තීරණය සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් 2023 ජූලි 18 වන දින ගනුලැබුවේ 2022 මැයි මාසයේදී ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමෙන් පසුවය.

මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා සජබ ස්ථාවරයට පටහැනිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ ඇමැති ධුර භාරගැනීමෙන් පසුව මෙම අත්හිටුවීම් සිදුවිය.

හරීන් ප්‍රනාන්දු සංචාරක ඉඩම් සහ ක්‍රීඩා ඇමැතිවරයා ලෙස කටයුතු කරණ අතර මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා ඇමැතිවරයා වේ.

42.31%
17.27%
32.76%