42.31%
17.27%
32.76%
October 14, 2023

එක්සත් ජාතික පක්ෂයට නව මුහුණුවරක් ලබාදී නැවත පක්ෂය පණගැන්වීමේ සහ නූතනකරණය කිරීමේ වගකීම මෙන්ම ඊට වැඩපිළිවෙළක් සැකසීම සංචාරක හා ඉඩම් ඇමැති හරීන් ප්‍රනාන්දුට පවරා තිබේ.

පසුගිය දා එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව රැස් වූ අවස්ථාවේදී හරීන් ප්‍රනාන්දු විසින් පක්ෂය ගොඩනඟන යාන්ත්‍රණය පැහැදිලි කර ඇති බව පැවැසේ.

නව යුගයට ගැලපෙන පරිදි අලුත් කණ්ඩායමකට පෙරට පැමිණීමට අවස්ථාව ලැබෙන ආකාරයට එක්සත් ජාතික පක්ෂය පරිවර්තනය විය යුතු බව එහිදී හරින් ප්‍රනාන්දු විසින් පවසා තිබේ.

එම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහද සහභාගී වී ඇත.

සාගල රත්නායක,රුවන් විජේවර්ධන,වජිර අබේවර්ධන,රවි කරුණානායක,පාලිත රංගේබණ්ඩාර,,මනුෂ නානයක්කාර,අකිල විරාජ් කාරියවසම්,ඇතුළු කළමනාකරණ කමිටුවේ සියලුමදෙනා ඊට එක්ව ඇති අතර, අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා සියලුදෙනාගේ සාමූහික ශක්තිය ලබාදෙන බවට ඔවුන් සහතික වී ඇත.

රට ගොඩනැගීමට සහ පක්ෂය ගොඩ නැගීමට ඇති වැඩපිළිවෙළ පිළිබඳව එහිදී එකින් එක කරුණු හරීන් ප්‍රනාන්දු විසින් පැහැදිලි කොට ඇති අතර ඒ උදෙසා ගත හැකි ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද පැහැදිලි කොට තිබේ.

විශේෂයෙන්ම පක්ෂය ශක්තිමත් කිරීම,ජනාධිපතිවරණය  ඇතුළු ඉදිරි මැතිවරණ වලට මුහුණදීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල සැකසීම උදෙසා සාමූහිකත්වයේ වැදගත්කම එහිදී ජනාධිපතිවරයා අවධාරණය කොට තිබේ.

කළමනාකරණ කමිටුව නියෝජනය කරන සියලුදෙනා ද එම අදහස අනුමත කොට ඇති අතර, ඒ අනුව එළැබෙන 21වැනිදා පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයේ දී එම වැඩසටහන එළිදැක්වීමට නියමිතය.

42.31%
17.27%
32.76%