Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සහ කැබිනට් ඇමැති ධුර අහිමි වූ හිටපු ඇමැතිවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ව්‍යාපාරය කෙරෙහි මේ වනවිට වැඩි අවධානයක් යොමු කර තිබේ.
ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහිමි වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ පසුගිය සිකුරාදා දුන් නියෝගයකට අනුවය.
හරීන් ප්‍රනාන්දු පවසන් පරිදි ජනාධිපති වික්‍රමසිංහගේ ප්‍රචාරක ව්‍යාපාරයේ සංවිධාන කිරීමට නියමිත රැලි 100ක සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කරනුයේ ඔහුය.
මෙම ප්‍රචාරක ව්‍යාපාරයේ කොටසක් ලෙස තරුණයන් අතර නැවුම් වැඩසටහනක් ද දියත් කරන බවත්, තමා ජනාධිපති වික්‍රමසිංහගේ ප්‍රචාරක උපායමාර්ගික කමිටුවේ සාමාජිකයකු වන බවත් ඔහු පවසයි.
හිටපු ඇමැති නානායක්කාර පවසන්නේ ඉදිරි මැතිවරණයේදී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය සහතික කිරීම සඳහා ඔහුගේ ප්‍රචාරණ ව්‍යාපාරය කෙරෙහි දැන් පූර්ණ කාලීනව අවධානය යොමු කළ හැකි බවයි.
මෙය ජනාධිපතිවරයාගේ ප්‍රචාරක කණ්ඩායම සමඟ කටයුතු කිරීමට විශාල අවස්ථාවක් සහ වගකීමක් ලැබීමක් බව ඔහු සඳහන් කරයි.
හිටපු ඇමැතිවරයා ජනාධිපති වික්‍රමසිංහ සමඟ ඊයේ පැවති උත්සවයකට සහභාගී වී තිබිණි.
හිටපු ඇමැතිවරුන් දෙදෙනාට අයත් කැබිනට් ඇමැති ධුරවලට අදාළ විෂයයන් යළි පැවරෙන තෙක් ජනාධිපතිවරයාගේ විෂය පථයට අයත් වේ.
විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු අධිකරණ අමාත්‍යාංශ විෂය පථය ද ජනාධිපතිවරයා සතු වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart