Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවට සිය විසිලක්ෂ වැනි සංචාරකයාගේ පැමිණීම සනිටුහන් කිරීමට හැකි වීම පිළිබඳ හිටපු සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු සිය ප්‍රසාදය පළ කර තිබේ.
2024 වසර සඳහා මිලියන 02ක සංචාරක ඉලක්කයක් තබා තිබූ බවත් එය සාක්ෂාත් කර ගැනීමට බලධාරීන් සමත් වී ඇති බවත් හරීන් ප්‍රනාන්දු ‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.
පසුගිය රජය විසින් 2025 වසර සඳහා ඉලක්ක කළ මිලියන 2.5ක සංචාරක පැමිණීමේ ඉලක්කය සපුරා ගැනීමට ද රජයට හැකි වනු ඇතැයි ඔහු වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.
“අපි 2024 සඳහා පුරෝකථනය කළ දේ යථාර්ථයක් වී ඇති බව දැකීම සතුටට කරුණක්, අපි සංචාරකයන් නොමැතිව ගමන ආරම්භ කර වෙහෙස මහන්සි වී වැඩ කළා” යනුවෙන් ඔහු සඳහන් කරයි.
2022 අවසන් වූයේ සංචාරක පැමිණීම් 709,000ක් සමගිනි.
2023 දී සංචාරකයන් මිලියන 1.5ක් පුරෝකථනය කළ අතර සංචාරකයන් 1,489,000ක් සමඟ වසර අවසන් කර තිබිණි.
2024 මිලියන 2ක් වූ පුරෝකථනය සාක්ෂාත් කර ගනිමින් ඊට සම්බන්ධ වූ සියලු දෙනා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ඇති බවත් කර්මාන්තයට සහ ශ්‍රී ලංකා සංචාරක කාර්ය මණ්ඩලයට ප්‍රශංසා පුද කරන බවත් හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කරයි.
2025 සඳහා මිලියන 2.5ක් වන ඉලක්කය යථාර්ථයක් කරගැනීමට හැකිවේවා යැයි ද ඔහු ප්‍රාර්ථනා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart